ජනාධිපති ලේකම් ධූරය දමා පී.බී යන්න හදයි.ජනපති අස්වීමේ ලිපිය භාර නොගනී ?

0
343

ජනාධිපති ලේකම් පී.බී ජයසුන්දර, සිය ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය මේ වන විටත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ඉදිරිපත් කර තිබෙන බව වාර්තා වනවා.

ජනාධිපති ලේකම් ධූරයේ රාජකාරී කටයුතු කිරීමේ දී තමන්ට මුහුණ දීමට සිදු වූ දුෂ්කරතා පිළිබදව පිටු හතරක පමණ සවිස්තර වාර්තාවක් සහිතව සිය ඉල්ලා අස්වීමේ ලිපිය පී.බී විසින් යොමු කර තිබෙන බවයි වාර්තාවන්නේ.

නමුත්, පී.බී ගේ ඉල්ලා අස්වීම මේ දක්වා ජනාධිපතිවරයා විසින් භාරගෙන නොමැති බවද සඳහන් වෙි.

ජනාධිපතිවරයා විසින් පී.බී ගේ ඉල්ලා අස්වීම භාරගත හොත් ජනවාරි මුල් සතියේ සිට අලූත් ජනාධිපති ලේකම්වරයෙකු පත්වීමට නියමිත යි .

පී.බී ගෙන් පුරප්පාඩුවන ධූරය සදහා යෝජනා වී ඇත්තේ අනුර දිසානායක මහතාගේ නමයි. අනුර දිසානායක වාරිමාර්ග අමාත්‍යංශයේ වත්මන් ලේකම්වරයා ය. එමෙන්ම ඔහු අධ්‍යාපන අමාත්‍යංශයේ හිටපු ලේකම්වරයෙකු බවද පැවසේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here