ජනාධිපති, අගමැති, මුදල් ඇමති, හමුදාපති, පොලිස්පති බන්දුලගේ පලමු පෙල ආශ‍්‍රිතයන් වෙයි
වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා කොරෝනා ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන තිබුණි.
තමන්ට කොරෝනා වැළඳී ඇති බව එහිදී සිය ෆේස්බුක් ගිණුමෙි සටහනක් තබමින් බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කර සිටියේ ඔහුගේ කාර්ය මණ්ඩල සාමාජිකයන් කිහිප දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය තමා සිදු කළ ඇන්ටිජන් පරීක්ෂණය ධනාත්මක වූ බවයි.
එමනිසා ඔහු සමග සමීපව ඇසුරු කළ පැවැසූ කර සියලු දෙනාට නිරෝධායනට ලක් වන ලෙස ද ලෙස ද ඔහු කියා සිටියා.
ඊයේ පෙරවරුවේ ජනාධිපති වරයාගේ ප්‍රධානත්වයෙන් පැවති කොරෝනා මර්ධන කාර්ය සාධක බලකායටද ගුණවර්ධන මහතා එක්ව සිටියේය.
ජනාධිපති,අගමැති,මුදල් ඇමති,සෞඛ්‍ය ඇමති,හමුදාපති,පොලිස්පති ඇතුළු බොහෝ පිරිසක් එම රැස්වීමට සහභාගී වී සිටි අතර ඔවුන් ගුණවර්ධන මහතාගේ පළමු පෙළ ආශ්‍රිතයන් බවට පත්වෙයි.