ජනාධිපති හා මාලදිවයින් ජනාධිපති හමුවක්

0
329

දෙදින සංචාරයක් සඳහා දිවයිනට පැමිණ සිටින මාලදිවයින ජනාධිපති ඊබ්‍රාහිම් මොහොමඩ් සොලි මැතිතුමා සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අතර සුහද හමුවක් ඊයේ (09) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.

මාලදිවයින් විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අහමඩ් කලීල්, එරට ජනාධිපති කාර්යාලයේ විදේශ සබඳතා පිළිබඳ ලේකම් ඊබ්‍රාහිම් හුඩ්, ශ්‍රී ලංකාවේ මාලදිවයින් මහ කොමසාරිස් ඕමාර් අබ්දුල් රසාක් සහ ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර යන මහත්වරු මේ අවස්ථාවට එක්ව සිටියහ.

ජනාධිපති මාධ්‍ය අංශය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here