Monday, September 23, 2024

ජන සටන පාද යාත්‍රාව අද ගැටඹෙන් ඇරඹෙයි…

මහනනුවරින් පාද යාත්‍රාව ආරම්භ නොකරන ලෙස අධිකරණය ලබාදුන් නියෝගය පා ගමනට බාධාවක් නොවන බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා. සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පැවසුවේ මේ හේතුවෙන් පා ගමන ගැටඹේ ප්‍රදේශයෙන් ආරම්භ කරන බවයි.

ඒකාබද්ධ විපක්ෂයේ මහනුවර දිස්ත‍්‍රික්කය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ, කෙහෙළිය රඹුක්වැල්ල, ලොහාන් රත්වත්ත, දිලුම් අමුණුගම සහ ඔවුන්ගේ අනුගාමිකයින්ට අද  දිනය තුළ මහනුවර නගරයේ පා ගමන්වලට සහභාගි වීම ද අධිකරණය විසින් තහනම් කරනු ලැබුවා.

ඊට මුහුණ දෙන ආකාරය පිළිබඳව අදහස් දැක්වමින් පාර්ලිමේන්තු මන්ත‍්‍රී කෙහෙළිය රඹුක්වැල්ල මහතා සඳහන් කළේ, සිය අනුගාමිකයන් හෙට නිවෙස්වල සිටින බවත් පැමිණෙන අනුගාමිකයන් නොහඳුනන අය බවයි.

එහෙයින් තමන් ඇතුලු තිදෙනා හෙට මහනුවරට පැමිණ හෝටලයකින් තේ කෝප්පයක් පානය කර මාවනැල්ලට යන බවත් ඔහු සදහන් කළා.

මහනුවරින් හෙට ආරම්භ වීමට නියමිත ජන සටන පාද යාත‍්‍රාව සම්බන්ධයෙන් මහනුවර සහ මාවනැල්ල යන මහේස්ත‍්‍රාත් අධිකරණ ඊයේ නියෝග නිකුත් කළා.

මහනුවර මහේස්ත‍්‍රාත් අධිකරණය නියෝග කළේ මෙම පාද යාත‍්‍රාව මහනුවර නගරයේ පැවැත්වුවහොත් මහජන පීඩාවක් ඇති විය හැකි නිසා එය නගරයෙන් බැහැරව සිදුකරන ලෙසයි.

මේ අතර, ජන සටන පාද යාත‍්‍රාවට සහභාගි වීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඒකාබද්ධ විපක්ෂයේ නියෝජිතයින් පිරිසක් ද සමග ඊයේ පස්වරුවේ මහනුවරට පැමිණියා.

එහිදී ශ‍්‍රී දළදා මාළිගාව වැඳපුදා ගත් මහින්ද රාජපක්ෂ මහතා පසුව හින්දු, කතෝලික සහ ඉස්ලාම් සිද්ධස්ථානවල ද ආගමික වතාවත්වල නිරත විය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles