Saturday, September 21, 2024

ජපන් යුද නැව් දෙකක් කොළඹට සේන්දු වෙයි

ජපාන ස්වයං ආරක්ෂක බලකායට අයත් මුහුදු බෝම්බ ඉවත් කිරීමේ පළමු බලඝණයෙහි නෞකාවක් වන ‘URAGA’ නෞකාව සහ ‘HIRADO’ නෞකාව නිල සංචාරයක් සඳහා කොළඹ වරායට සේන්දු වූ බව නාවික හමුදාව සඳහන් කරයි.

මෙම ජපාන ස්වයං ආරක්‍ෂක සාගරික බලකායට අයත්, මුහුදු බෝම්බ ඉවත් කිරීමේ පළමු බලඝණයේ අණදෙන නිලධාරී ලෙස කපිතාන් NOGUCHI Yasushi කටයුතු කරනු ලබයි.

මෙලෙස කොළඹ වරායට සේන්දු වූ Minesweeper Tender වර්ගයට අයත් ‘URAGA’ යුද නෞකාව දිගින් මීටර 141ක් සහ නැව් මුළුව 130ක ගෙන් සමන්විත වන අතර එහි අණදෙන නිලධාරී ලෙස කමාණ්ඩර් KONDO Koji කටයුතු කරනු ලබයි.

මෙම යුද නෞකා ද්විත්වය 2022 පෙබරවාරි 28 වන දින කොළඹට නුදුරු මුහුදු තීරයේදී ශ්‍රී ලංකා නාවික නෞකා සිදුරළ නෞකාව සමග ඒකාබද්ධ නාවික අභ්‍යාසයන්හි නිරත වූ අතර, එහිදී උපායික නෞකා පෙළ හැඩ අභ්‍යාසය (DIVTACS), නෞකා සංග්‍රාමික පෙල හැඩයන් ඔස්සේ ගමන් කිරීම(maneuvering exercises), නෞකා පෙළ ඡායාරූපකරණය (PHOTOEX) ඇතුළු නාවික අභ්‍යාසයන් සාර්ථකව සිදු කිරිමෙන් අනතුරුව මෙලෙස කොළඹ වරායට සේන්දු විය.

මෙලෙස කොළඹ වරායට සේන්දු වූ Minesweeper Tender වර්ගයට අයත් ‘URAGA’ යුද නෞකාව දිගින් මීටර 141ක් සහ නැව් මුළුව 130ක ගෙන් සමන්විත වන අතර Minesweeper Ocean වර්ගයට අයත් ‘HIRADO’ යුද නෞකාව දිගින් මීටර 67ක් සහ 55ක නැව් මුළුවකින් සමන්විත බව නාවික හමුදාව නිවේදනය කරයි.

මෙම නෞකා දෙක හෙට දිනයේ දිවයිනෙන් පිටත්වීමට නියමිතය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles