Tuesday, January 21, 2025

ජපානයේ ටොයෝටා වාහන නිෂ්පාදනය අත්හිටුවයි රුසියානු සයිබර් ප‍්‍රහාරයක් බවට සැකයක් …?

ජපානයේ ටොයෝටා මෝටර් රථ නිෂ්පාදන සමාගමේ මෝටර් රථ නිෂ්පාදන කටයුතු ඇණහිට ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. ඊට හේතු වී තිබෙන්නේ අදාල සමාගමේ පරිගණක පද්ධතියට සයිබර් ප්‍රහාරයක් එල්ලවීමයි.

ඒ අනුව ජපානයේ ටොයෝටා මෝටර් රථ නිෂ්පාදන සමාගම අද (01) දිනයේ දී සිය කර්මාන්ත ශාලා 14 ක කටයුතු හදිසියේම අත්හිටුවීමට පියවර ගන්නා ලදී.

සයිබර් ප්‍රහාරය හේතුවෙන් මෝටර් රථ නිෂ්පාදනයට යොදා ගන්නා ප්ලාස්ටික් කොටස් සහ ඉලෙක්ට්‍රොනික උපංග සැපයුම නතර කර තිබෙනවා.

මෙහිදී ටොයෝටා හි අනුබද්ධ සමාගම් වන Hino Motors සහ Daihatsu Motor හි ජපානයේ ඇතැම් කර්මාන්තශාලාවල මෙහෙයුම් කටයුතු ද නවත්වා තිබේ.

Toyota සමාගමේ ප්‍රධාන සැපයුම්කරුවකු වන Kojima Industries හි අමතර කොටස් සැපයුම් කළමනාකරණ පද්ධතියට බාධා පමුණුවමින් එල්ල වී ඇති සයිබර් ප්‍රහාරයක් හේතුවෙන් මෙම පියවර ගැනීමට සමාගම කටයුතු කර තිබේ.

මේ නිසා මෝටර් රථ 13,000ක් පමණ නිෂ්පාදනය නතර වී ඇති බව වාර්තා වේ.

යුක්රේන ආක්‍රමණයට ප්‍රතිචාර දක්වමින් ජපානය ද රුසියාවට එරෙහි සම්බාධක පැනවීමට තීරණය කළ අතර, මේ නිසා සයිබර් ප්‍රහාරය රුසියානු හැකර්වරුන් විසින් සිදු කරන්නට ඇති බවට විශ්වාස කෙරෙන බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර තිබේ.

කෙසේවෙතත් හෙට (02) දිනයේ දී සිය මෙහෙයුම් ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව Toyota සමාගම වැඩිදුරටත් සඳහන් කරයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles