ජපානය උදව් කරන්න එනවා…!

0
778

ජනාධිපති රනිල් වික්‍රමසිංහ හා ජපාන විදේශ අමාත්‍ය යොෂිමාසා හයාෂි අතර අද (27) පෙරවරුවේ ටෝකියෝ නුවරදී සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ පැවැත්වෙන සාකච්ඡාව සම්බන්ධව එහිදී අවධානය යොමු කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරන්නේ.

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ණය හිමියන් සමඟ කරන සාකච්ඡාවලදී ප්‍රමුඛ කාර්ය භාරයක් ඉටු කිරීමට තම රජය සූදානම් බව ජපාන විදේශ කටයුතු අමාත්‍යවරයා එහිදී අවධාරණය කර තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here