Monday, December 23, 2024

ජපානය ශ්‍රී ලංකාවට පැනවු සංචාරක තහනම ඉවතට

කොවිඩ් අවදානම හේතුවෙන් ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයක් සඳහා පැනවූ සංචාරක තහනම ඉවත් කිරීමට ජපාන රජය පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකාව, ඉන්දියාව, මාලදිවයින, නේපාලය, බංග්ලාදේශය සහ ඇෆ්ගනිස්ථානය යන රටවල සිට පැමිණෙන පුද්ගලයින් සඳහා පැනවූ තහනම හෙට (20) දිනයේ සිට ඉවත් කරන බව ජපාන රජය නිවේදනය කර ඇත.

ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදයේ අවදානම සැලකිල්ලට ගනිමින් පසුගිය ජුනි මාසයේ දී ජපාන රජය එම තහනම පනවනු ලැබුවා.

කෙසේවෙතත් අදාළ රටවල සිට පැමිණෙනන්නන් ගුවන්තොටුපොළේ දී සිදුකරන කොවිඩ් පරීක්ෂණයට අමතරව දින තුනක කාලයක් අනිවාර්ය නිරෝධායනයට ලක්ව කොවිඩ් පරීක්ෂණයක් සඳහා යොමු වී ආසාදිත නොවන බවට තහවුරු විය යුතු බව ජපාන රජය නිවේදනය කර තිබෙනවා.

බ්‍රිතාන්‍යය විසින් ද කොවිඩ් වසංගතය සම්බන්ධයෙන් රතු ලැයිස්තුවට ඇතුළත් කර තිබු ශ්‍රී ලංකාව ඉන් ඉවත් කිරීමට පසුගියදා තීරණය කළා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles