ජපාන කොන්ත්‍රාත් සමාගමක ප්‍රමාදයක් ගැන එරට රජයට පැමිණිලි කිරීමට සුදානමක්

0
583

කටුනායක ගුවන් තොටුපළ සංවර්ධන ව්‍යාපෘතියේ බී පැකේජයේ ඉදිකිරීම් දිගින් දිගටම ප්‍රමාද කරන ජපාන කොන්ත්‍රාත් සමාගම සම්බන්ධයෙන් ජපාන රජයට පැමිණිලි කිරීමට සංචාරක අමාත්‍යාංශය තීරණය කර තිබේ.

ඒ සම්බන්ධයෙන් මෙරට ජපාන තානාපතිවරයාට දැනුම් දෙන ලෙස සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා විසින් අමාත්‍යාංශ ලේකම්වරයාට උපදෙස් ලබාදී ඇති බව සංචාරක අමාත්‍යාංශය සඳහන් කළේය.

කටුනායක ගුවන් තොටුපළේ සංවර්ධන ව්‍යාපෘතියේ බී පැකේජයේ ප්‍රගති සමාලෝචන රැස්වීම පැවති අවස්ථාවේදී අමාත්‍යවරයා එම උපදෙස් ලබාදී තිබේ.

2017 වසරේ අප්‍රේල් මාසයේදී ආරම්භ කෙරුණු එම ව්‍යාපෘතිය 2019 ඔක්තෝබර් මාසයේදී අවසන් කිරීමට නියමිතව තිබුණි.

විවිධ හේතූන් මත එහි ඉදිකිරීම් ප්‍රමාද වී ඇති අතර ඉදිකිරීම් කටයුතු සඳහා රජය විසින් අදාළ කොන්ත්‍රාත් සමාගමට අමතර කාලයක් ලබාදී තිබූ අතර එම කාලය ද එම මාසයෙන් අවසන් වීමට නියමිතය.

කෙසේවෙතත් ජපාන කොන්ත්‍රාත් සමාගම විවිධ හේතු දක්වමින් ව්‍යාපෘතිය අවසන් කිරීමට තවදුරටත් කාලය ඉල්ලා සිටි බැවින් අමාත්‍යවරයා කොන්ත්‍රාත් සමාගම සම්බන්ධයෙන් ජපාන රජයට පැමිණිලි කිරීමට තීරණය කර ඇති බව සංචාරක අමාත්‍යාංශය සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here