මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව විසින් අද දහවල් විරෝධතා පා ගමනක් ආරම්භ කර ඇති අතර කොල්ලූපිටිය මංසන්ධියේදී පොලිස් කැරලි මර්දන ඒකකය විසින් ජල සහ කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර පාගමන විසුරුවා හැර ඇත.
එසේම එම විරෝධතා පාගමන හේතුවෙන් කොල්ලූපිටිය මංසන්ධියේ සිට ගාලූමුවදොර දෙසට මාර්ගය ද පොලිසිය විසින් වසා දැමීමට කටයුතු කල බව සඳහන්වේ.