ජය ශ්‍රී තහනමට මොකද වුණේ?

0
265

ජය ශ්‍රී සංගීත කණ්ඩායමේ සාමාජිකයන් දෙදෙනෙකු වෙත නිකුත් කර තිබූ වාරණ නියෝගය ලබන 23 වනදා දක්වා දීර්ඝ කිරීමට අධිකරණය නියෝග කර තිබේ.

ජය ශ්‍රී සංගීත කණ්ඩායම විසින් ගායනා කරන “මොඩ් ගොවියා” සහ “සුන්දරියේ” යන ගීත ඇල්බම් වල අඩංගු ගීත විස්සක් ගායනා කිරීම, ප්‍රචාරය කිරීම, අන්තර්ජාලයට මුදාහැරීම වළක්වාලමින් කොළඹ වාණිජ මහාධිකරණය විසින් එම සංගීත කණ්ඩායමේ සාමාජිකයන් දෙදෙනෙකු වන වග උත්තරකාර රෝහිත ජයලත් සහ රෝහණ ජයලත් යන අයට නියෝගයක් නිකුත් කෙරුණි.

ඒ අදාල සංගීත කණ්ඩායමේ සාමාජිකයෙකු වන අරුණ ලියනගේ මහතා විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලකට අනුවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here