ජර්මන් දුම්රියේ පොරෝ ප්‍රහාරකයා IS ත්‍රස්තයෙක්

0
354

ජර්මනියේ දුම්රියක් තුළදී පොරෝ ප්‍රහාරයක් දියත්කළ අෆ්ගන් සරණාගත තරුණයා IS ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්තයෙකු බව එම සංවිධානය නිවේදනය කර තිබේ.

දුම්රිය මගීන් වෙත අමානුෂික ප්‍රහාරයක් එල්ල කරමින් දියත්කළ මෙම ප්‍රහාරයේදී හොංකොං වැසියන් සිව් දෙනෙකු තුවාල ලබා ඇති අතර, ඔවුන්ගෙන් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතල බව ජර්මන් බලධාරීහු පවසති.

17 හැවිරිදි මෙම ඇෆ්ගන් සරණාගත තරුණයා පදිංචිව සිටි ස්ථානය පරීක්ෂා කිරීමේදී IS ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්ත සංවිධානයේ කොඩියක් හමුවී තිබුණි. එමෙන්ම, පසුව එම ත්‍රස්ත සංවිධානයද මෙහි වගකීම භාරගෙන තිබුණි.

සිද්ධිය ඇසින් දුටුවන් පවසා තිබුණේ, ඔහු මෙම ප්‍රහාරය සිදුකරන විට අල්ලාහු අක්බර් යනුවෙන් කෑමොර දුන් බවයි. කෙසේ වෙතත්, පසුව ඔහු පොලිස් වෙඩි පහරින් ජීවිතක්ෂයට පත්විය.

ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්ත සංවිධානයේ අමාඛ් පුවත් සේවය මොහු එම සංවිධානයේ සටන්කරුවෙකු ලෙස හඳුන්වා ඇත.

ඉස්ලාම් රාජ්‍යයට එරෙහිව ප්‍රහාර දියත් කරන ඒකාබද්ධ හමුදාවේ රටවලට එරෙහිව ඔහු මෙම මෙහෙයුම දියත් කර ඇති බවද එම පුවත් සේවය වැඩිදුරටත් පවසා ඇත.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here