ජර්මනිය ඉන්දියාවේ සිත ගනියි.

0
690

ඉන්දියාව විසින් තහනම් කර ඇති ත්‍රස්ත සංවිධාන නායකයෙකුගෙන් ප්‍රශ්න කිරීමට ජර්මන් පොලිසිය පියවර ගෙන තිබේ.

ජර්මන් ෆෙඩරල් පොලිසිය විසින් මෙසේ ප්‍රශ්න කර ඇත්තේ මේ වන විට එහි වෙසෙන ජස්වින්දර් සින් මුල්තානිගෙනි.

ඉන්දියාව විසින් සික් අන්තවාදී ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස නම් කර තහනම් කර ඇති සීක්ස් ෆෝ ජස්ටිස් නැමති සංවිධානයේ නායකයෙකු වන ජස්වින්දර්ගෙන් මෙම ප්‍රශ්න කිරීම සිදු කර ඇත්තේ පන්ජාබ්හි සිදුවූ බෝම්බ පිපිරීම්වල⁣ට අදාළවයි.

කෙසේවෙතත්,ඔහු අත්අඩංගුවට ගත්තාද නැතහොත් ප්‍රශ්න කර මුදාහැරියාද යන්න පිළිබදව ජර්මන් බලධාරීන් ප්‍රකාශ කොට නොමැත.

කෙ⁣සේවෙතත් ,ඉන්දීය මාධ්‍ය වාර්තා සදහන් කරන්නේ ඉන්දීය බලධාරීන්ගේ ඉල්ලීම මත ජර්මන් ආරක්ෂක අංශ මෙම පරීක්ෂණ සිදුකර ඇති බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here