Monday, September 23, 2024

ජලතර ගුවන් මෙහෙයුම් දියුණු කිරීමේ අවධානය

ශ්‍රී ලංකාවේ පවත්නා ජලාශ උපයෝගී කරගනිමින් දියමත හැසිරවිය හැකි (ජලතර) ගුවන් යානා මගින්සිදුකළ හැකි ගුවන් ප්‍රවාහන කටයුතු විධිමත් ලෙස නියාමනය හා දියුණු කිරීම සඳහා ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය පියවර ගෙන ඇති බව සිවිල් ගුවන් සේවා අධ්‍යක්ෂ ජනරාල් එච්.එම්.සී.නිමල්සිරි මහතා පවසයි.

මෑත කාලයේ සිට අප රට තුළ මෙම ජලතර ගුවන් ප්‍රවාහනය (Sea Plane) පිළිබඳ අවධානය යොමු වී ඇත. සාමාන්‍යයෙන් ජලතර ගුවන් ප්‍රවාහනය පරිසර හිතකාමී ගුවන් ප්‍රවාහන මාධ්‍යයක් පිළිගැනේ. මේ තුළින් පරිසරයට සිදුවිය හැකි හානිය ඉතා අවම බව අධ්‍යක්ෂ ජනරාල්වරයා පෙන්වා දෙයි.

සාමාන්‍යයෙන් ගුවන් තොටුපලක් ඉදි කිරීමට විශාල ආයෝජනයක් අවශ්‍ය වුවද ජලතර ගුවන්යානා ගොඩබැස්වීම සඳහා අවශ්‍ය වන්නේ පවතින ජලාශ මත ඉදි කෙරෙන කුඩා තොටුපලක් හෙවත් ජැටියක් පමණකි.

වාර්තා අනුව මෙම ප‍්‍රවාහන මාධ්‍යය භාවිත කරමින් දැනට මෙරට තුළ මෙහෙයුම් සිදු කරන්නේ එක් පෞද්ගලික ආයතනයක් පමණි. මේ සඳහා සෙසු අයටද අවස්ථාව ලබා දීම කෙරෙහි අවධානය යොමුවඇත.

විශේෂයෙන් ලෝකයේ ධනවත් ව්‍යාපාරිකයින් , ආයෝජකයන් මෙන්ම සංචාරකයන් ද ඉතා අඩුකාලයක් තුළ සිය ගමනාන්තයට ළඟා වීමට දක්වන කැමැත්ත හේතුවෙන් මෙම කර්මාන්තයදියුණු වීම රටේ සංවර්ධනයට සෑහෙන පිටුවහලක් වනු ඇතැයිද සිවිල් ගුවන් සේවා අධ්‍යක්‍ෂජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කර සිටියි.

– ada

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles