ජල විදුලිය පහතට – නොරොච්චෝලේ උපරිමයටම

0
597

ජල විදුලිය 11% දක්වා පහත වැටී තිබෙන බවත්, මේ නිසා නොරොච්චෝලේ ගල්අඟුරු බලාගාරයේ විදුලි උත්පාදනය උපරිමයෙන්ම සිදුකරන බව ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමය සඳහන් කරයි.

මේ අනුව සමස්ත විදුලි අවශ්‍යතාවෙන් 52%ක් නොරොච්චෝලේ බලාගාරය තුළින් ලබාදෙන බවද එම සංගමයේ සභාපති අතුල වන්නිආරච්චි මහතා සඳහන් කළේය.

පසුගිය දිනවල ඇති වූ වර්ෂා තත්ත්වය තුළින් ජල විදුලිය නිෂ්පාදනය කරන ජලාශවල ජල මට්ටම කිසිදු අයුරකින් ඉහළ නොගිය බවත්, මේවනවිට ජල විදුලිය නිපදවන ජලාශවල  ජලමට්ටම 33% දක්වා පහත වැටී තිබෙන බවද ඔහු පවසා සිටියේය.

ජල මට්ටම 20% ක් දක්වා පහත වැටීමත් සමග ජල විදුලිය නිෂ්පාදනය කිරීම යම් අර්බුදකාරී තත්ත්වයකට මුහුණදීමට සිදුවන බවත්, මේ නිසා හදිසි මිලදීගැනීමක් ලෙස පෙබරවාරි මුල් සතියේදී මෙගාවොට් 60ක විදුලි ධාරිතාවක් පද්ධතියට එකතු කරගන්නා බවත් අතුල වන්නිආච්චි මහතා කියා සිටියේය.

දිගින් දිගටම විදුලිය නිෂ්පාදනය කරන ජලාශවලට ජලය නොලැබුණහොත් මාර්තු මාසය වනවිට ජලවිදුලි නිෂ්පාදනය අර්බුදයකට ලක්වන බවද හෙතෙම සඳහන් කළේය.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here