ජවිපෙ ආණ්ඩුවක ඇමැති ධුර 25 යි

0
282

ජවිපෙ ආණ්ඩුවක් යටතේ අමාත්‍ය ධූර 25ක් පමණක් පත් කරන බව එහි නායක අනුර කුමාර දිසානායක මහතා කීය.

ඒ මහතා පෙන්වා දුන්නේ කණ්ඩායමක් මගින් ඒ ඒ ක්ෂේත්‍රයන් කළමනාකරණය කරන බවය.

අද කිසිදු අමාත්‍යවරයෙක් ආණ්ඩුව ඇතුළේ සිදුවන දෑ නොදන්නා බවත්, කිසිදු සාමූහිකත්වයක් නොමැති බවත් ඒ මහතා කියා සිටියේය.

“ඉදිරියේදී අපේ රටේ අමාත්‍යාංශ උපරිම විසිපහයි. නියෝජ්‍ය අමාත්‍ය ධූර විසිපහයි. එතනින් උඩ යන්න බෑ අපේ රටේ. විසිපහක් වැඩියි. ජපානෙත් එක්ක සංසන්දනය කරලා බලපුවහම. හැබැයි අපිට තියෙන්නේ ගොඩගන්න, කඩා වැටිච්ච රටක් ගොඩගන්න. ඒ නිසා යම් අමාත්‍යාංශ ප්‍රමාණයක් ගොඩනගන්න ඕන. වෙන රාජ්‍ය අරවා මේවා, කෑලි, ව්‍යාපෘති මුකුත් නෑ. ඇමතිවරයා ඉන්නවා නියෝජ්‍ය ඇමැතිවරයෙක්.” යනුවෙන් ඔහු පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here