Sunday, September 22, 2024

ජවිපෙ සමග එක්වීමට කිසිඳු තීරණයක් ගෙන නෑ – මෛත්‍රී

ජනතා විමුක්ති පෙරමුණ සමග එක්වීම සඳහා කිසිම සාකච්ඡාවක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ සිදු නොවූ බවත්, ඒවැනි තිරණයක් ගෙන නොමැති බවත් ඒම පක්ෂයේ සභාපති හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

– පසුගියදා දයාසිරි ඇමතිතුමා කියලා තිබුණා ජනතා විමුක්ති පෙරමුණ වගේ පිරිසිදු පක්ෂයක් සමග ගමනක් යන්න සූදානම් කියලා.

A – අපි එහෙම දෙයක් සාකච්ඡා කරලත් නෑ. අපි තුළ සාකච්ඡා වුණෙත් නෑ. එහෙම තීරණයකුත් නෑ. ඒක දයාසිරි ඇමතිතුමාගේ පුද්ගලික අදහසක්.

” අපි බලාපොරොත්තු වෙනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැටියට රජයට යෝජනාවලියක් ඉදිරිපත් කරන්න. මේ රට ගොඩ ගැනීම සම්බන්ධයෙන්. අද පළමු දේ තමයි රටේ ජනතාවට කුස ගින්නෙන් බේරා ගන්නේ කොහොමද කියන ඒක. 

පුංචි ළමයිට කිරි පැකට් එකේ ඉදලා තියෙන ප්‍රශ්නය. ඊළඟට සාගතයක්ද කියලා අපිට ප්‍රශ්නයක් තියෙනවා. අපි අහලා තියෙනවා. දෙවැනි ලෝක යුද්ධයේදි රටේ ජීවත්වන මිනිස්සුන්ට බජිරි කන්න සිදුවුණා කියලා.

දැන් මේ යන තත්වය හැටියට දැන් බජිරිත් නෑ කන්න. 

ගොවි ජනතාව කියනවා එයාලගේ ප්‍රශ්ණ කොපමණ මාධ්‍ය යෙන් කිව්වත් රජය ඇහුම්කන් දෙන්නේ නෑ කියලා.

A ඔව් ඉතින් ඒක ඇත්ත තමයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles