ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය ක්ෂේත්‍රයට අනුපමේය සේවයක් ඉටු කළ කෘතහස්ත පුවත්පත් කලාවේදියකු වූ ඩබ්ලිව්. ජී. ගුණරත්න මහතා (83) කොවිඩ් 19 ආසාදිතව කළුබෝවිල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (17) අලුයම අභාවප්‍රාප්ත වූයේය.
ලේක්හවුස් ආයතනයේ තිහගොඩ ප්‍රාදේශීය වාර්තාකරු ලෙස 1967 වර්ෂයේදී සිය පුවත්පත් ජීවිතය ආරම්භ කළ ඔහු ‘ජනතා‘ පුවත්පතේ මාණ්ඩලික වාර්තාකරුවකු ලෙස ලේක්හවුස් ආයතනයේ ස්ථිර සේවයට එක් විය. පසුව දිනමිණ පුවත්පතට සම්බන්ධ වී එහි ප්‍රවෘත්ති කර්තෘවරයා ලෙසද සිළුමිණ පුවත්පතේ නියෝජ්‍ය කර්තෘවරයකු වශයෙන්ද කටයුතු කළේය. ඒ මහතා Sunday Obsever පුවත්පතේද සේවය කළේය.
ලේක්හවුස් ආයතනයේ සේවය කරමින් සිටියදී අමෙරිකාවේ මිචිගන් විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යත්වයක් ලැබ ජනමාධ්‍ය පිළිබඳ පුහුණුවක්ද ලද ඒ මහතා, පසුව ලංකාදීප පුවත්පතට සම්බන්ධ වී දීර්ඝ කාලයක් එහි ප්‍රාදේශීය ප්‍රවෘත්ති කර්තෘවරයා ලෙස කටයුතු කරනු ලැබීය. lankadeepa.lk වෙබ් අඩවියේ ආරම්භක කර්තෘවරයා වූයේද ඩබ්ලිව්. ජී. ගුණරත්න මහතාය.
මෙරට පුවත්පත් කලාවේදීන් බහුතරයකගේ ගුරුවරයකු ලෙස පිළිගැනෙණ ඒ මහතා ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය හා ජනමාධ්‍ය විද්‍යාලය සමඟ එක්ව මාධ්‍යවේදීන් පුහුණු කිරීමේ වැඩසටහන් රැසකට දායකත්වය දුන්නේය.
දරුවන් සිව් දෙනකුගේ පියකු වන ඒ මහතා, මාතර රාහුල විද්‍යාලයේ ආදි සිසුවෙකි.