ජාජබලවෙිගයේ විසඳුමේ දැක්මෙන් මුළු රටම ගොඩගන්න පුළුවන්

0
269

බිඳවැටුණු මව්බිම – ගොඩනගන විසඳුම ජාතික ජනබලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් රටේ කඩාවැටුනු සියලු ක්ෂේත්‍ර ගොඩනැගීමට ඉලක්ක කර ඇතැයි එම ජනබලවේගයේ නායක, මන්ත්‍රී අනුර කුමාර දිසානායක කියයි.

ශ්‍රී ලංකාව ණය උගුලෙන් ගොඩ ගැනීම, ජනතාවගේ සුභ සාධනය ඉහළ දැමීම හා කඩාවැටුනු ක්ෂේත්‍ර ගොඩ ගැනීම, රටේ නිෂ්පාදන ගොඩනඟන්නේ කෙසේද හා නිෂ්පාදනයට පුරවැසියන් හවුල් කරගන්නේ කෙසේද, නිෂ්පාදනය බෙදාහැරීම් ආදී ක්ෂේත්‍ර ගණනාවක් ඉලක්ක කරගත් වැඩපිළිවෙළක් එහි අන්තර්ගත බවයි ඔහු පවසන්නේ.

ජනතාව සමඟ එය සාකච්ඡාවට බඳුන් කරමින් තිබෙන අතර අනතුරුව එහි මූලික මූලධර්ම පදනම් වූ සෑම ක්ෂේත්‍රයක් ගොඩනැගීමට කටයුතු කරන බවත් මේ පිළිබඳව ඕනෑම අයෙක්ට විවේචන, යෝජනා, චෝදනා එල්ල කළ හැකි බවත් ඔහු කියයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here