ජාත්‍යන්තරය ඉදිරියේ ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාව තහවුරු කල ජනපතිට JVP ප්‍රසාදය

0
293

ශ්‍රී ලංකාව තුල නැවත වාතාවක් ත්‍රස්තවාදී ප්‍රචන්ඩත්වයකට ඉඩ නොතබන බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩල සමුලුවේදී ජාත්‍යන්තරයට සහතික වීම සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණ සිය ප්‍රසාදය පළ කරනවා.

අද පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ජනතා විමුක්ති පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා මේ බව කියා සිටියා.

කෙසේවෙතත් එවැනි ත්‍රස්තවාදයක් නැවතත් මෙරට තුල ඇති නොවීම සදහා ප්‍රථමයෙන්ම සිදුකල යුත්තේ පාස්කු ප්‍රහාරයේ වැරදිකරුවන්ට ඉක්මණින් දඩුවම් කිරීම බවයි ඔහු එහිදී අවධාරණය කලේ.

ජනාධිපතිවරයා ජාත්‍යන්තරය ඉදිරියේ එසේ සහතික වුවද රටතුල විවිධ පාර්ශව විසින් ජාතිවාදය සහ ආගම්වාදය වපුරවමින් පවතින බවද විජිත හේරත් මහතා මෙහිදී පෙන්වා දුන්නා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here