Tuesday, September 24, 2024

ජාත්‍යන්තර අධිකරණයක් අවශ්‍යයි

ශ‍්‍රී ලංකා රජයේ හමුදා යුද අපරාධ සිදු කර ඇති බවට ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා කළ ප‍්‍රකාශයෙන් පැහැදිලි වන බවත් එබැවින් මේ සම්බන්ධ පරීක්ෂණ සදහා ජාත්‍යන්තර අධිකරණයක අවශ්‍යතාවය පවතින බවත් උතුරු පළාත් සභා මන්ත‍්‍රී සිවාජි ලිංගම් මහතා පවසයි.
ජිනීවා මානව හිමිකම් කවුසලය හමුවේ අදහස් දක්වමින් ඔහු මේ බව පවසා ඇත.
එහිදී අදහස් දැක්වූ සිවාංජි ලිංගම් මහතා මෙසේ ද පවසා තිබේ.
“2015 වසරේ සැප්තැම්බර් මාසයේ ශ‍්‍රී ලංකා රජය මානව හිමිකම් කවුන්සලයට ඉදිරිපත් කළ යෝජනාවලියට අදාළව මෙතෙක් කිසිදු සාධනීය පිළිතුරක් අනුගමනය කර නැහැ.
දෙමළ ජනතාව අඛණ්ඩව බලාපොරොත්තු වන්නේ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධ ජාත්‍යන්තර අධිකරණයක අවශ්‍යතාවයි.
මෙහිදී විශේෂයෙන් කිව යුතුයි ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා කියනවා යුද අපරාධ සම්බන්ධයෙන් ඔහු සතුව වැදගත් සාක්ෂි රැුසක් පවතිනවා කියලා.
ඔහු ජගත් ජයසූරිය ඇතුුළු හමුදා සාමාජිකයින් 30 දෙනෙක් යුද අපරාධ සිදු කර ඇති බවට පවසනවා.
ඉතින් ඊට දින 2කට පසුව ශ‍්‍රී ලංකාවේ ජනාධිපතිවරයා කියනවා යුද වීරයින්ට එරෙහිව ජාත්‍යන්තර පරීක්ෂණ පවත්වන්නේ නැහැ කියලා.
මෙන්න මේකයි අද තත්ත්වය. අවසාන වශයෙන් මගේ ඉල්ලීම වන්නේ දෙමළ ජනතාව වෙනුවෙන් ජාත්‍යන්තර අධිකරණයක් අවශ්‍යයි කියන එකයි.”

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles