Wednesday, October 23, 2024

ජාත්‍යන්තර කාන්තා දින ජාතික උත්සවය මාතරදී

ජාත්‍යන්තර කාන්තා දින ජාතික උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ලබන 8 වැනි දා මාතර දිස්ත්‍රික්කයේ සනත් ජයසූරිය ක්‍රීඩාංගනයේදී පැවැත්වෙන් බව කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය චන්ද්‍රාණී බණ්ඩාර මහත්මිය පැවසුවාය.

ඒ, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (28) පැවති මාධ්‍ය හමුවට එක් වෙමිනි.

එසේම ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් හෙට සිට වැඩසටහන් රැසක් ආරම්භ කර තිබෙන බව ද ඇය පෙන්වා දුන්නාය.

“තුන්කල් දකින්නී- සවියෙන් දිනන්නී” යන්න මෙවර තේමාව යටතේ ජාත්‍යන්තර කාන්තා දිනය සැමරෙන අතර ජාතික උත්සවය සඳහා කාන්තාවන් 1500ක් ඇතුළු 2000ක් පමණ පිරිසක් සහභාගි වීමට නියමිතය.

ජාතික කාන්තා දිනය වෙනුවෙන් හෙට (01) දින දිවයිනේ සෑම දිස්ත්‍රික්කයකම කාන්තා හඩ අවදි කිරීම වෙනුවෙන් පා ගමන් පැවැත්වෙන අතර ප්‍රධාන පා ගමන කොළඹ නෙළුම් පොකුණ රඟහල භූමියේ සිට විහාර මහා දේවි උද්‍යානය දක්වා ගමන් කරනු ඇත.

මාතර පොලිස් ළමා හා කාන්තා ඒකකය පිහිටුවීම, කාන්තා හිතකාමී ගම්මානයක් පිහිටුවීම, මාතර උත්සව භූමියේ ලබන 7 සහ 8 දෙදින කාන්තා නිෂ්පාදන හා අළෙවි පොල පැවැත්වීම, සුවනාරී සෞඛ්‍ය වැඩසටහන, හෙළ බොජුන් හලක් ඉදිකිරීමට කටයුතු කිරීම යනාදී වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරීමට නියමිත බව අමාත්‍යවරිය වැඩිදුරටත් පැවසුවාය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles