ලොව පුරා ක්‍රියාත්මක ප්රමුඛපෙළේ වෙබ් අඩවි රැසක් අද හදිසියේ බිඳ වැටීමකට ලක්වුණා. එම බිඳ වැටීම පැයක පමණ කාලයක් පැවති බවයි වාර්තා වන්නේ. විදෙස් වාර්තා පැවසුවේ එලෙස බිඳ වැටුනු වෙබ් අඩවිවලින් රැසක් මාධ්‍ය ආයතනවලට අයත් වෙබ් අඩවි වන බවයි. ෆයිනෑන්ෂල් ටයිම්ස්, සී එන් එන් සහ බ්ලූම්බර්ග් යන වෙබ් අඩවි ද එලෙස බිඳ වැටීමකට ලක්වුණු වෙබ් අඩවි අතරට අයත්.
අල් ජසීරා මාධ්‍ය ආයතනයේ වෙබ් අඩවියට ද මෙම බලපෑම එල්ල වී තිබුණා. ප්‍රංශයේ මාධ්‍ය ආයතන කිහිපයකට අයත් වෙබ් අඩවි ද අදාළ කාලය තුලදී හදිසියේ බිඳ වැටී තිබෙනවා. බි්රතාන්යයේ පිහිටි මාධ්‍ය ආයතන කිහිපයක වෙබ් අඩවි ද අද දිනයේදී බිඳ වැටී තිබුණු බවයි වාර්තා වන්නේ. එම වෙබ් අඩවි අතරට ගාඩියන් පුවත්පතේ වෙබ් අඩවිය හා බී බී සි වෙබ් අඩවිය ද අයත්.