ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යෑම එකට යනවා කියන්නේ තමන්ගේ වළ තමන්ම කපා ගැනීමක් – අමාත්‍ය විමල් වීරවංශ

0
351

අන්තර්ජාතික මූල්‍ය අරමුදලට යන්න කියන එක ලේසියි. ඒත් ඔවුන් ඉදිරිපත් කරන කොන්දේසි ඉටු කිරීමේදී තමන්ම වළ කපා ගත් බව මෙරට ජනතාව පසුව තේරුම් ගනීවි යැයි කර්මාන්ත ඇමැති විමල් වීරවංශ මහතා අවධාරණය කළේය.

මහ බැංකුව ස්වාධීන ආයතනයක් කිරිම, රාජ්‍ය සේවය කප්පාදු කිරීම, රාජ්‍ය සේවකයන්ට ගෙවන වැටුප් කප්පාදු කිරීම, සමෘද්ධිය හෝ සුභසාධන වියදම් අවම කරමින් රාජ්‍ය වියදම් අවම කිරීම ඇතුළු කොන්දේසි වලට මෙරට ජනතාව එකඟ නම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගිය හැකි බවද ඇමැතිවරයා කීවේය.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ පෙරේදා (30) අමාත්‍යාංශයේ පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍ය කළ විමසීකමට පිළිතුරු දෙමිනි.

මේ වන විට ලංකාවට ඩොලර් හිඟයක් ඇතිව තිබෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යෑමට සිදුවේවි දැයි මාධ්‍ය වේදියෙක් මෙහිදී කළ විමසීමකට පිළිතුරු දුන් වීරවංශ මහතා කියා සිටියේ මහබැංකු අධිපතිවරයා සහ මුදල් අමාත්‍යවරයා පැහැදිලිව කියා ඇත්තේ එවැනි බලාපොරොත්තුවක් නැති බව යැයි කියා සිටියේය. අද ලෝකයම කොවිඩ් හේතුවෙන් ආර්ථික අර්බුදයකට ගිහින් තිබෙනවා. ලංකාවටත් එහි ප්‍රතිවිපාක ලැබී තිබෙනවා. තවත් අවුරුදු දෙකක් වත් යනකම් මේ ප්‍රශ්නය අපට වගේම ලෝකයටම බලපාවී. රටක් ලෙස එකමුතුවෙන් මේ ප්‍රශ්නයට මුහුණ දුන්නොත් පමණක් ජයගත හැකියි යැයි ඇමැතිවරයා මෙහිදී පැවසීය.

දිනමිණ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here