ජාත්‍යන්තර සබ්මැරීන් කේබල් ජාලයේ බිඳ වැටීමක් හේතුවෙන් ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයකටම අන්තර්ජාලය සබඳතාවලට බාධා

0
357

ඉන්දියන් සාගරයේ ජාත්‍යන්තර සබ්මැරීන් කේබල් පද්ධතියේ දෝෂයක් වාර්තා වී ඇති නිසා අන්තර්ජාල භාවිතා කරන්නන්ට වේගය අඩු විය හැකි බව පාකිස්තානයේ මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

ඒ අනුව ජාත්‍යන්තර සම්මැරීන් කේබල් ජාලයේ බිඳ වැටීමක් හේතුවෙන් ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයකම අන්තර්ජාලය සබඳතා සඳහා බාධා ඇතිව තිබේ.

එහත් පාකිස්තාන විදුලි සංදේශ අධිකාරිය පෙන්වා දෙන්නේ ජාත්‍යන්තර සබ්මැරීන් අන්තර්ජාල කේබලයක දෝෂයක් වාර්තා වී ඇති නමුත් පරිශීලකයින්ට බාධාවකින් තොරව සේවා සැපයීම සඳහා විකල්ප ක්‍රියාමාර්ග ගෙන ඇති බවයි.

ඉන්දීය සාගරය පතුළින් එලා ඇති ජාත්‍යන්තර සබ්මැරින් කේබල් ජාලයේ බෙංගාල බොක්ක කලාපයේ මෙම බිඳ වැටීම ඇතිව තිබෙන බව වාර්තා වෙයි.

ඉන්දීය සාගරය යටින් දිවෙන අන්තර්ජාල පහසුකම් සපයන ජාත්‍යන්තර සබ්මැරීන් කේබල් (submarine cable) පද්ධතියේ දෝෂයක් මතුවී ඇති බව වාර්තා වනවා.

මෙම ජාත්‍යන්තර සබ්මැරීන් කේබල් (submarine cable) පද්ධතිය ඔස්සේ ලොව විවිධ රටවලට අවශ්‍ය කෙරෙන අන්තර්ජාල සම්බන්ධතා ඒකාබද්ධ කෙරෙන අතර මේ වන විට බෙංගාල බොක්ක අවට ජාත්‍යන්තර මුහුදු තීරයෙ ගැඹුරින් එලා ඇති මෙම සබ්මැරීන් කේබල් (submarine cable) පද්ධතියේ මතුව ඇති තාක්ෂණික දෝෂයක් හේතුවෙන් වරින්වර මෙරට ජංගම දුරකථන සහ බ්‍රෝඩ්බෑන්ඩ් දුරකථන අන්තර්ජාල සම්බන්ධතාව බලපෑම් ඇති විය හැකි බව ජංගම දුරකථන සේවා සපයන ආයතන නිවේදනය කරනවා.

කෙසේ වෙතත් මෙම තාක්ෂණික ගැටලුව යථා තත්ත්වයට පත්කිරීමට කෙතරම් කාලයක් ගතවේදැයි තක්සේරු කළ නො හැකිහැකි බවටයි ඔවුන් වැඩිදුරටත් දන්වා සිටින්නේ.

අදාළ ජාත්‍යන්තර සබ්මැරීන් කේබලය සිංගප්පූරුවේ සිට මැලේසියාව, ශ්‍රී ලංකාව, ඉන්දියාවේ චෙන්නයි සහ මුම්බායි, එමෙන්ම බර්කා සහ ෆුජෛරා යන මධ්‍යස්ථාන හරහා ජාත්‍යන්තර අන්තර්ජාල සේවාවන් සඳහා සම්බන්ධතා පහසුකම් සපයනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here