ජාතික ආරක්ෂාව යනු හමුදාමය ආරක්ෂාව නොවේ! – ජනපති

0
576

රටක ආරක්ෂාව යුධමය වශයෙන් පමණක් නොව ආහාර සහ ආර්ථික වශයෙන් ද සුරක්ෂිත විය යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ අවධාරණය කරනවා.

ඊයේ (11) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති ජාතික ආහාර සුරක්ෂිතාව හා පෝෂණය සහතික කිරීමේ වැඩසටහනේ ප්‍රගති සමාලෝචන රැස්වීමට එක් වෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කළා.

ආහාර සුරක්ෂිතතාව සහ පෝෂණය සහතික කිරීමේ වැඩසටහන ක්‍රියාවට නැංවීමේ දී මතුව ඇති ගැටලු හුදෙක් රාජ්‍ය යාන්ත්‍රණය තුළ පවතින කඩාවැටීම නිසා සිදුව ඇති තත්ත්වයන් නම් ඒවා නිරාකරණය කර ගැනීමට ඕනෑම අවස්ථාවක මැදිහත්වීමට තමා සුදානම් බවයි ජනාධිපතිවරයා සඳහන් කර තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here