ජාතික ක්‍රීඩා උළෙල උතුරට

0
644

2016 ජාතික ක්‍රීඩා උළෙල උතුරු පළාතේ පැවැත්වීම පිලිබදව සාකච්චාවක් පසුගිය දා උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ,ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

මෙහිදී ජාතික ක්‍රීඩා උළෙල යාපනය සහ කිලිනොච්චිය යන නගර කේන්ද්‍ර කර ගනිමින්  පැවැත්වීමට තීරණය කල අතර යාපනය ප්‍රදේශයේ බාස්කට් බෝල්,බීච් කබඩි,බීච් වොලිබෝල්,කැරම්,චෙස්,කාය වර්ධන ක්‍රීඩා,පාපන්දු සහ මලල ක්‍රීඩා යන තරග පැවැත්වීමට තීරණය කල අතර කිලිනොච්චිය ප්‍රදේශයේ පිහිනුම් තරග සහ තුම්ප්‍ර යාමය(මෙම ක්‍රීඩාව 750 මීටර් දුර පිහිනීමෙන් පසුව 10 කි.මීටර් දුර පාපැදියකින් තරණය කොට තව 5කි.මීටර් ක් මාර්ග ධාවනයකින් අවසන් වේ.) ක්‍රීඩාව පැවැත්වීමට නියමිතය.

මේ සදහා පෙර සුදානම් කිරීමේ කමිටුවක් පත් කලයුතු බව ප්‍රකාශ කල ක්‍රීඩා අමාත්‍යතුමා එමගින් ක්‍රීඩා උත්සවය වැඩකටයුතු ශක්තිමත් කරගැනීමට මහත් පිටිවහලක් වන බව ප්‍රකාශ කළේය.

මෙම අවස්ථාව සදහා උතුරු පළාත් ආණ්ඩුකාරතුමා,ක්‍රීඩා අමාත්‍ය තුමා ඇතුළු පළාතේ දේශපාලන නායකයින් සහ ක්‍රීඩා අමාත්‍යංශයේ ලේකම් තුමා ඇතුළු රාජ්‍ය නිලධාරීන් රැසක් සහභාගී වී සිටියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here