ජාතික ජනබලවේගය පෙරටුගාමීන් සමග එක්වේ

0
275

පෙරටුගාමී සමාජවාදී පක්ෂය සහ ජාතික ජන බලවේගය නියෝජිතයන් අතර සාකච්ඡාවක් ඊයේ, බත්තරමුල්ල, පැලවත්ත ජාතික ජන බලවේගය කාර්යාලයේදී පැවැත්විණි.

ආණ්ඩුවේ  මර්දනකාරී පියවරයන්ට එරෙහිව ඒකාබද්ධව ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට මෙම සාකච්ඡාවේදී එකඟතාවයකට පැමිණ ඇති අතර ඉදිරියේදී අනෙකුත් ආණ්ඩු විරෝධී බලවේග සමග ඒකාබද්ධ ක්‍රියාමාර්ග ගැනීමේ අවශ්‍යතාව මෙහිදී අවධානයට ලක් වී ඇති බව වාර්තා වේ.

මෙම සාකච්ඡාවට පෙරටුගාමී සමාජවාදී පක්ෂය නියෝජනය කරමින් දුමින්ද නාගමුව, සේනාධීර ගුණතිලක, සංජීව බණ්ඩාර සහභාගි වූ අතර ජාතික ජන බලවේගය නියෝජනය කරමින් මහින්ද රත්නායක, විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ, ආචාර්ය අනුර කරුණාතිලක සහභාගි වූහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here