ජාතියක් හෝ ස්වෛරී-නොවන රටක් විසින් ජාතික තත්ත්වය හිමිකරගැනීම සැමරීම සඳහා විශේෂිත ලෙසින් නම් කෙරුණු දිනයක් ජාතික දිනය වෙයි.
ශ්‍රී ලංකාවේ නිදහස් දිනය ලෙස ලිපාස්/ජොෂුවා ලුවී නීතියට අනුකූලව 1948 දී බ්‍රිතාන්‍ය පාලනයෙන් ලැබූ රටේ අභ්‍යන්තර දේශපාලන ස්වාධීනත්වය සැමරීමට හැකි අතර එය සිදුකරනු ලබන්නේ පෙබරවාරි 04වනදාය ය.
ජාතික කොඩි එසවීමේ උත්සව, නැටුම්, පෙළපාළි හා විවිධ ක්‍රියාකාරකම් මගින් එය රට පුරා සමරනු ලැබේ.
බොහෝවිට ප්‍රධාන සැමරුම් උත්සවය කොළඹ දී පැවැත්වෙන අතර එහි දී ජනාධිපතිවරයා විසින් ජාතික ධජය එසවීමත්, නිදහස් දින කතාව පැවැත්වීමත්, සිදු කෙරෙයි.
නිදහස් දිනය යනු, ජාතික නිදහස් රාජ්‍යත්වය සලසා ගැනීමේ සංවත්සරය සැමරෙන වාර්ෂික සිදුවීමක් වන අතර, සාමාන්‍යයෙන් එය, වෙනත් ජාතියක හෝ රාජ්‍යයක හෝ කණ්ඩායමක් හෝ කොටසක් හෝ වී සිටීමෙන් වියුක්ත වීමයි.
1948 පෙබරවාරි 04
වර්ෂ 1948 පෙබරවාරි 04 වෙනි දින ශ්‍රී ලංකාවට අරුණ නැගුනේ එකසිය තිස් තුන් වසරක් බ්‍රිතානයන්ගේ යටත් විජිතයක්ව පැවති ශ්‍රී ලංකාව නිදහස් බිමක් ලෙස ප්‍රකාශයට පත් කිරීමත් සමගයි.
ශ්‍රී ලංකාව නිදහස් රාජ්යක් බවට පත් වුයේ ඩොමිනියන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ක්‍රියාත්මක විමෙනුයි.
එම ව්‍යවස්ථාව යටතේ 1948 පෙබරවාරි 04 වෙනිදා පෙ.ව.07.30 ට එළබුනු සුබ මොහොතීන් නිදහස් ශ්‍රී ලංකාවේ ප්‍රථම ආණ්ඩුකාරවරයා වශයෙන් සර් මොක්ස් මේසන් මුවර්තුමා ,සර් ජෝන් හොවාර්ස් අගවිනිසුරු වරයා ඉදිරියේ දිවුරුම් දුන්නේය.
මේ දිවුරුම් දීම සිදු වූනේ කොළඹ රජ වසලේදී වන අතර එදින රතිඤඤා හඩින් මුළු රටම ගිගුරුම් දී සැම පන්සලකම ඝන්ටා නාද විය.
නිදහස නිමිති කරගෙන පෙබරවාරි 04 වෙනිදා සිට 14 වෙනිදා දක්වා රජයෙන් උත්සව මාලාවක් සංවිධාන කෙරිණ.
නිදහස් උත්සවය නිමිති කරගෙන සිරකරුවන් 1883 දෙනෙකුට නිදහස හිමි වූ අතර මරණිය දණ්ඩනයට නියමව සිටි සිරකරුවන් 09 දෙනෙකුද එදින නිදහස ලැබීය.
මෙම 4,5 දෙදින තුල සත්ව ඝාතන ස්ථාන වසා දැමීය.
පෙබරවාරි 4,10,11,12, යන දින රජයේ නිවාඩු දින ලෙස නම් කෙරිණ.
වාරායේ නැව්,රජයේ ගොඩනැගිලි,ආගමික ස්ථාන,නිවෙස් ආදී ස්ථාන සියල්ලකම සිංහ කොඩි ලෙල දුන් අතර කොලඹ පැවති නිදහස් උත්සවය නැරඹීමට පැමිණෙන ජනතාව වෙනුවෙන් විශේෂ දුම්රිය සේවාවන්ද ක්‍රියාත්මක විය.
එදින නිදහස් උත්සව මලාවේ ප්‍රධාන ආරාධිතයා වූයේ ග්ලොස්ටර්හි ආදිපාදවරයාය.
ඔහු 06 වෙනි ජෝර්ජ් රජුගේ බාල සොහොයුරෙක්.එතුමා කලක් බ්‍රිතාන්‍යට අයත් රට වල ළමා සංගම් පිළිබද ජාතික සංගමයේ සභාපති වරයා ලෙසද කටයුතු කලේය.
1945 සිට 1947 දක්වා ඕස්ට්‍රේලියාවේ අග්‍රාණ්ඩුකර දුරයද හෙබවූ එතුමා අල්ටර්හි අර්ල් පදවියද දරා තිබේ.
බ්‍රිතානයන්ට යටත් වීමෙන් පසුව බ්‍රිතානයට ගෙන යන ලද රාජසිංහ රජුගේ සිංහාසනය ,ඔටුන්න ඇතුළු කෘතුක භාන්ඩ 1934 දී නැවත ශ්‍රී ලංකාවට බාරදුන් ලැබුවේද ග්ලොස්ටර්හි ආදිපාදවරයාගේ මැදිහත් වීමෙනුයි.
කෙසේ වෙතත් බ්‍රිතාන්‍ය යටත් විජිත යුගයෙන් මිදී වසර 69ක් ගියද අප ස්වාධීන රටක් ලෙස තවදුරටත් කටයුතු කරන්නේ ද යන්න විමසා බැලීම සියළු පුරවැසියන්ගේ යුතුකමක් සහ වගකීමකි.