ජාතික නිවාස දිනය අදට(23) යෙදී තිබීමට සමගාමීව ජාතින නිවාස සංවර්ධන අධිකාරිය විසින් නිවාස දිනය නිමිත්තෙන් සංවිධානය කරනු ලබන සමරු උත්සවය තිස්සමහාරාමයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇති බව වාර්තා වෙයි.
නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම උත්සවයේදී වකුගඩු රෝගීන්ට ස්ථීර නිවසක් ඉදිකරගැනීම සඳහා මූල්‍යාධාර පිරිනැමීමක් සිදුකිරීමට සැළසුම් කර තිබේ.
ඊට අමතරව සැමට සෙවන ආදර්ශ ගම්මාන වැසටහන යටතේ ඉදිකරන ලද සම්පතගම ගම්මානය ජනතා අයිතියට පත්කිරීමද අද දිනයේ සිදුකිරීමට නියමිතය.
ජාතික නිවාස දිනයට සමගාමීව වකුගඩු රෝගීන්ගේ හිසට සෙවනක් යන තේමාව මුල් කරගනිමින් ඇරඹෙන ජාතික නිවාස සතිය මෙම මස 29 වන දින දක්වා ක්‍රියාත්මක බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේය.
මේ අතර අභාවප්‍රාප්ත හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ ජන්ම දිනයද අදට යෙදී තිබේ.