ජාතික පරිසර සභාවෙි සාමාජිකත්වයට පත් නළ ආදිවාසී නායකයාට Zoom තාක්ෂණය සපයයි

0
322

ආදිවාසී නායක ඌරුවරිගේ වන්නියලැත්තන්ට ජාතික පරිසර සභාවේ පැවැත්වෙන රැස්වීම් සඳහා සූම් තාක්ෂණය ඔස්සේ සහභාගි වීමට අවශ්‍ය පහසුකම් සලසා දෙන ලෙස පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.


අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ මධ්‍යම පරිසර අධිකාරියේ නිලධාරීන්ට ඒ පිළිබඳව උපදෙස් ලබා දුන් බවයි.ජාතික පරිසර සභාවේ සාමාජිකයෙක් ලෙස පත් කර ඇති ඔහුට දඹානේ සිට කොළඹට පැමිණීම අසීරු කරුණක් නිසා අමාත්‍යවරයා මෙම උපදෙස ලබාදී තිබෙනවා.

පසුගිය 29 වැනිදා පාරිසරික සුරක්ෂිතතාවය උදෙසා පරිසර අමාත්‍යාංශය විසින් පත් කරනු ලබන ජාතික පරිසර සභාව සදහා වන නිලධාරි මණ්ඩලය අද පත් කරනු ලැබූ අතර පරිසර සභාවේ නව සාමාජිකයෙක් ලෙස ආදිවාසී නායක ඌරුවරිගේ වන්නියලැත්තන් ද පත් කිරීමට පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පියවර ගත්තේය.ජාතික පරිසර සභාවට සාමාජිකයින් 25 දෙනෙක් අයත් වෙති.

එමෙන්ම ජාතික පාරිසරික සභාවේ සභාපතිවරයා වශයෙන් පරිසරවේදී නීතිඥ ජගත් ගුණවර්ධන මහතා පත් කරනු ලැබීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here