Wednesday, December 25, 2024

ජාතික පාරිසරික පනත ශක්තිමත් කරමින් නව සංශෝධන 42 ක්

ජාතික පාරිසරික පනත ශක්තිමත් කරමින් නව සංශෝධන 42 ක් ඇතුළත් කිරීමට පරිසර අමාත්‍යංශය පියවර ගෙන තිබෙනවා.

මෙරට පරිසරය ආරක්ෂා කිරීමට ගන්නා වූ වැඩ පිළිවෙළ වඩාත් විධිමත්ව සිදු කිරීම එහි අරමුණයි.

ජාතික පාරිසරික පනත කිහිපවරක් සංශෝධනය කර ඇති නමුත් වර්තමානයේ පැන නැගී ඇති පාරිසරික ගැටලූ සංකීර්ණ බැවින් ඇතැම් පුද්ගලයින් විසින් සිදු කරන පාරිසරික හානි වලදී අය කරන දඩ මුදල් මෙන්ම දඩුවම් ද ප්‍රමාණවත් නොවන බවයි පරිසර අමාත්‍යංශය පෙන්වා දුන්නේ.

පරිසරය විනාශ කිරීමට කටයුතු කරන පුද්ගලයින් සම්බන්ධව ක්‍රියාත්මක කරන දඩුවම් පවතින ප්‍රමාණයට වඩා දසගුණයකින් ඉහළ දැමීමට නව සංශෝධන මගින් යෝජනා වී තිබෙනවා.

මේ අනුව පරිසර අමාත්‍යාංශය විසින් මේ වනවිටත් මේ සම්බන්ධ අමාත්‍ය මණ්ඩල සන්දේශයක් ඉදිරිපත් කර ඇති බව සදහන්.

ශ්‍රී ලංකාවේ පරිසර ක්ෂේත්‍රය සම්බන්ධයෙන් වර්තමානයේ පැන නැගී ඇති සහ අනාගතයේ දී පැන නැගෙනු ඇතැයි අපේක්ෂි ගැටලූවලට නව සංශෝධන ඇතුළත් කරන බවයි පරිසර අමාත්‍යංශය නිවේදනය කළේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles