Sunday, September 22, 2024

ජාතික රූපවාහිනියේ 40වැනි සංවත්සරයදා අධ්‍යක්ෂ ජනරාල් හීන්කෙන්ද ඉල්ලා අස්වෙයි

1982 වසරේ පෙබරවාරි 15 වැනිදා විකාශ ආරම්භ කළ ශ්‍රී ලංකා ජාතික රූපවාහිනියේ හතලිස් වැනි (40) සංවත්සරය අද (15) දින සමරණු ලබයි.

ජපාන රජයෙන් ලැබුණු පරිත්‍යාගයක් මත ලැබුණු මෙය පාර්ලිමේන්තු පනතකින් ස්ථාපිත කොට තිබේ.

ඒ ආකාරයෙන් ශ්‍රී ලංකා ජාතික රූපවාහිනිය සිය සංවත්සරය සමරන අවස්ථාවේදී එහි අධ්‍යක්ෂ ජනරාල් ජයම්පති බණ්ඩාර හීන්කෙන්ද මහතා ඊයේ (14) සිය ඉල්ලා අස්වීම ලබාදී තිබේ.

ඊයේ (14) ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ 40 වැනි සංවත්සරය නිමිත්තෙන් පැවැති සර්ව රාත්‍රික පිරිත් සජ්ඣායනාවට ද හීන්කෙන්ද මහතා එක්ව සිටි බව ‘ශ්‍රී ලංකා මිරර්’ වෙබ් අඩවිය වාර්තා කර ඇත.

ඒ මහතාගේ ඉල්ලා අස්වීමට හේතුවී ඇත්තේ නාට්‍යක් ගැනීමේ ගනුදෙනුවක අවුලක් බව ජාතික රූපවාහිනියේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

එහිදී රූපවාහිනියේ නාට්‍ය මණ්ඩලය විසින් ප්‍රතික්ෂේපිත නාට්‍යක් එහි අධ්‍යක්ෂ ජනරාල්වරයා හා සභාපති සොනාල ගුණවර්ධන මහතා එක්ව අල්ලස් මුදලක් ලබාගෙන රූපවාහිනිය විකාශය කිරීම මෙසේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට ඉවත්යාමට හේතුවී ඇතැයි පැවසේ.

මෙම ක්‍රියාව සම්බන්ධයෙන් පැමිණිල්ලක් ජනමාධ්‍ය අමාත්‍යංශ ලේකම්වරයාට ලැබී ඇතැයි පැවසේ.

රූපවාහිනියේ නාට්‍ය මණ්ඩලය විසින් ප්‍රතික්ෂේපිත නාට්‍යක් එහි අධ්‍යක්ෂ ජනරාල්වරයා හා සභාපති සොනාල ගුණවර්ධන මහතා එක්ව ලබා ගනිමින් රූපවාහිනිය විකාශය කිරීම මෙසේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට ඉවත්යාමට හේතුවී ඇතැයි පැවසේ.

මේ නාට්‍ය ගැනීමට මොවුන් අල්ලස් ලබාගෙන ඇති බවට පැමිණිල්ලක් ජනමාධ්‍ය අමාත්‍යංශ ලේකම්වරයාට ලැබී ඇතැයි පැවසේ.

මේ අතර, ජාතික රූපවාහිනියට නාට්‍ය 2ක් ගැනීමේදී සිදු කළ අක්‍රමිකතා ඇතුළු රූපවාහිනියේ යූ ටියුබ් නාලිකාව සමාන්තර පෞද්ගලික රූපවාහිනී නාලිකාවක් වන “ටීවී දෙරණ” හි ඩිජිටල් ක්‍රියාකාරිත්වය මෙහෙයවන “අයිඩියාහෙල් (IdeaHell)” වෙත ලබාදීම සම්බන්ධයෙන් ද මේවන විට එහි සභාපති සොනාල ගුණවර්ධන මහතාට චෝදනා එල්ලවී තිබේ.

හීන්කෙන්ද මහතා කඩදාසි සංස්ථාවේද අධ්‍යක්ෂ වරයෙකු ලෙස කටයුතු කරන අතර ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සභාපති ලෙසද කටයුතු කළේය. ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ වත්මන් සභාපති හඩ්සන් සමරසිංහට එම ධුරල ලබාදී ඔහුව ඉන් ඉවත් කරන ලදී. ජයම්පති බණ්ඩාර හීන්කෙන්ද ඒ වනවිට ජාතික භාෂා අධ්‍යාපන හා පුහුණු ආයතනයේ සභාපති ලෙසද කටයුතු කරමින් සිටියේය.

ජයම්පති බණ්ඩාර හීන්කෙන්දට එරෙහිව පැවති රාජපක්ෂ පාලන සමයේ සිටම වංචා දූෂණ චෝදනා රැසක් එල්ලවී තිබූ අතර ඔහු නුවර දේවාලයක බස්නායක නිලමේ වරයෙකුද වේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles