Wednesday, January 15, 2025

ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකය කොවිඩි රෝගීන් වෙනුවෙන් වෙන් කරයි

කොළඹ ජාතික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන කෝවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව ඉහළ ගොස් ඇතැයි එම රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය චන්දන ගජනායක මහතා පවසයි.

එමෙන්ම නැවතත් කොවිඩ් රෝගීන්ට වෙන් කිරීමට සිදුව ඇති බව එම රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය චන්දන ගජනායක මහතා පැවසීය.
දිනපතා පැමිණෙන කොවිඩ් ආසාදිත රෝගීන් සංඛ්‍යාව ඉහළ යාම හේතුවෙන් රෝහලේ සිදුකරන සාමාන්‍ය ශල්‍යකර්ම සඳහා ප්‍රමුඛතාවය ලබාදීම ද මේ වන විට අඩු වී ඇති බව ද හෙතෙම කීය.

ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින කොවිඩ් රෝගීන් අසාධ්‍ය තත්ත්වයට පත් වුවහොත් ඔවුන් දැඩි සත්කාර ඒකකවලට ඇතුළත් කිරීමට සිදුවන හෙයින් අනෙකුත් අසාධ්‍ය රෝගීන්ට දැඩිසත්කාර ඇඳන් ලබාදීමට නොහැකිවනු බව ද නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා සඳහන් කෙළේය.
මේ වන විට සාමාන්‍ය වාට්ටු කීපයකම කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර ලබාදෙන බව ද ඔහු පැවසීය.


ජාතික රෝහලේ කෝවිඩි රෝගීන් සංඛ්‍යාව තවදුරටත් ඉහළ ගියහොත් සාමාන්‍ය සැත්කම් කල්දැමීමට සිදුවිය හැකි බව ද ඔහු කීය.

මෙරට වේගයෙන් පැතිර යන කොවිඩ් ප්‍රභේදය බවට ඔමික්‍රෝන් පත්වෙමින් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ, වෛද්‍ය තාක්ෂණික සේවා අංශයේ අධ්‍යක්ෂ, වෛද්‍ය අන්වර් හම්දානි මහතා පවසයි.

මේ අතර යළිත් කොරෝනා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින බව සමස්ත ලංකා හෙද සංගමය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය ප්‍රකාශ කළේ, සතියක කාලයක් තුළ කොළඹ ජාතික රෝහලේ පමණක් ගර්භනී හෙද නිලධාරිනියන් ද ඇතුළුව හෙද නිලධාරීන් 62 දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බවයි.

අනෙකුත් රෝහල්වල ද කාර්ය මණ්ඩලයේ වැඩි පිරිසකට මේ වන විට කොරෝනා ආසාදනය වී ඇති බව ඔවුන් නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සදහන් වන්නේය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles