ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ඔක්සිජන් අවශ්‍ය කොවිඩ් රෝගීන් 75 ක්

0
274

කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ඔක්සිජන් අවශ්‍ය කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 75ක් දක්වා ඉහළ ගොස් ඇතැයි   වාර්තා වෙයි.

එම සියලුදෙනාම කොවිඩ් මර්දන එන්නත් ලබා නොගත් අය බව ජාතික රෝහලේ කායික රෝග විශේෂඥ වෛද්‍ය හර්ෂ සතිශ්චන්ද්‍ර පවසයි.

කොළඹ ජාතික රෝහලේ දැනට ප්‍රතිකාර ලබන කොවිඩ් රෝගීන් මුළු සංඛ්‍යාව 325කි.

මෙම රෝගීන් අතුරින්  සමහර රෝගීන් ලබාගෙන ඇත්තේ එක එන්නත් මාත්‍රාවක් පමණක් බවත් එන්නත් ලබා නොගත් අයට රෝගයෙන් බරපතල සංකූලතා මතු කළ හැකි බවත්  හෙතෙම පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here