ජාතික වැටුප් ප්‍රතිපත්තියක් සැකසීමට ජාතික වැටුප් කොමිසන් සභාවෙි අවධානය

0
298

ජාතික වැටුප් ප්‍රතිපත්තියක් සකස් කිරීම සම්බන්ධයෙන් වෘත්තිය සමිතිවලින් ලැබුණු යෝජනා ජාතික වැටුප් කොමිසන් සභාව විසින් සමාලෝචනය කිරීමට තීරණය කර තිබේ.

ජාතික වැටුප් ප්‍රතිපත්තියක් සකස් කිරීම, එය ක්‍රියාත්මක කිරීම, රජයට උපදෙස් ලබාදීම සහ සහාය වීම සඳහා ජනාධිපතිවරයා විසින් මෙම ජාතික වැටුප් කොමිෂන් සභාව පත් කර ඇත.

ඒ අනුව ජාතික වැටුප් ප්‍රතිපත්තියක් සකස් කිරීම සම්බන්ධයෙන් වෘත්තිය සමිතිවලින් අදහස් හා යෝජනා විමසීමට ජාතික වැටුප් කොමිෂන් සභාව පසුගියදා පියවර ගත්තේය.

ඊට අදාළව වෘත්තිය සමිතිවලින් ජාතික වැටුප් ප්‍රතිපත්තියක් සකස් කිරීම පිළිබඳ අදහස් හා යෝජනා කොමිෂන් සභාව වෙත ඉදිරිපත් වී ඇති අතර ඒවා සමාලෝචනය කිරීමේ කටයුතු මෙම දිනවල සිදුකරමින් පවතින බව වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here