ජාවාරමිකරැවන්ගේ වී ගබඩා 30 ක් මුද්‍රා තබයි.කිලෝ ලක්ෂ 150 ක් රජය භාරයට

0
318

ලියාපදිංචි නොවී ගොවීන්ගෙන් වී මිලටගෙන තොග පිටින්  රැස්කරගෙන  සිටි වී ජවාරම්කරුවන් විසින් ගබඩා කරගෙන තිබූ  වී කිලෝ ලක්ෂ 150කට අධික ප්‍රමාණයක් පාරිභෝගික සේවා අධිකාරිය භාරයට ගත් බව එම අධිකාරිය පවසයි. වී තොග සඟවාගෙන සිටින ජාවාරම්කරුවන් සොයා කරන ලද මෙහෙයුමේ දී මෙම වී තොග සොයාගෙන තිබේ.
දින තුනක් තුළ පොලොන්නරුව, අනුරාධපුරය, අම්පාර, මඩකලපුව, වැනි ප්‍රදේශ තුළ මෙම වැටලීම සිදු කළ බව පාරිභෝගික සේවා අධිකාරිය පවසයි.
මෙසේ අනවසරයෙන් වී තොග ගබඩා කර තිබූ ගබඩා 30කට පමණ පාරිභෝගික සේවා අධිකාරිය මගින් මුද්‍රා තැබූ බව ද එම අධිකාරිය පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here