Monday, September 23, 2024

ජිනවංශ හිමිගේ දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය අද

රත්ගම කලපුවේ තිබිය දී සොයාගත් රත්ගම කටුදම්පේ පොල්ගස්දූව ආරණ්‍ය සේනාසනයේ භාවනායෝගීව වැඩවිසූ හිමිනමගේ දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය අද (10) සිදුකිරීමට නියමිතව තිබේ.

පෙරේදා (08) දිනයේ දී උන්වහන්සේගේ දේහය සොයා ගනු ලැබු අතර, එම අවස්ථාවේ දී උන්වහන්සේගේ දෙපා වයරයකින් ගැට ගසා ඊට කොන්ක්‍රීට් කැබැල්ලක් ගැට ගසා තිබූ බව පොලීසිය පවසයි.

විදෙස් ජාතිකයෙක් වන උන්වහන්සේ, නෙදර්ලන්තයේ ජිනවංශ නමින් පැවිදිව රත්ගම කටුදම්පේ පොල්ගස්දූව ආරණ්‍ය සේනාසනයේ වැඩවිසුහ.

දින දෙකක් පුරා උන්වහන්සේ අතුරුදන්ව සිට ඇති බව විමර්ශනවල දී හෙළි වී තිබේ.

අපවත් වු හිමිනම කවුරුන් විසින් හෝ ඝාතනය කොට දියේ ගිල්වා දැමීමට උත්සහ දරා ඇති බවට සැකකරන බව පොලීසිය පවසයි.

ඊයේ (09) දිනයේ දී ගාල්ල මහෙස්ත්‍රාත් හර්ෂණ කැකුණවල මහතා උන්වහන්සේගේ දේහය හමුවු රත්ගම කලපුව අසලට පැමිණ මහෙස්ත්‍රාත් පරීක්ෂණ ආරම්භ කෙරිණි.

මේ අතර කරාපිටිය ශික්ෂණ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරිණි ජානකී වර්සවිතාරණ මහත්මිය ද එම ස්ථානයට පැමිණ පරීක්ෂණ කටයුතු ආරම්භ කළාය.

ගාලු දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති නුවන් වෙදසිංහ මහතා ඇතුළු පොලිස් නිලධාරීන් පිරිසක් මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුකරයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles