ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ 48 වැනි සැසිවාරය අද ඇරඹේ

0
316

ජගත් මානව හිමිකම් කවුන්සලයේ 48 වැනි නිත්‍ය සැසිවාරය ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර දී අද (13) ආරම්භ වීමට නියමිතය.

පළමු දිනයේදි ම ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් මානව හිමිකම් මහකොමසාරිස්වරියගේ වාචික වාර්තාව ඉදිරිපත් කිරීමට නියමිත අතර මෙම සැසිවාරය ඔක්තෝබර් 8 වැනි දා දක්වා පැවැත්වෙනු ඇති.

මානව හිමිකම් කවුන්සිලයේ 46 වැනි සැසිවාරයේ දී ශ්‍රී ලංකාවේ සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය සම්බන්ධයෙන් යෝජනාවක් සම්මත කෙරුණා.

එම යෝජනාවට අනුව ශ්‍රී ලංකාව අත්කරගෙන ඇති ප්‍රගතිය සම්බන්ධයෙන් වාචික වාර්තාවක් මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහකොමසාරිස් මිචෙල් බැචලේ විසින් අදින් ඇරඹෙන සැසිවාරයට ඉදිරිපත් කිරීමට නියමිත යි.

ඒ පිළිබඳ සාමාජික රටවල විවාදය පැවැත්වෙන්නේ හෙටයි .

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here