Thursday, October 31, 2024

ජිනීවා වලින් ශ්‍රී ලංකා රජයට දුන් දැනුම් දීම මෙන්න

ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත(PTA)ජාත්‍යන්තර මානව හිමිකම් ප්‍රමිතීන්ට අනුකුලව සමාලෝචනය කල යුතු බව එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් නිර්දේශ කර තිබෙනවා.

මේ බව මානව හිමිකම් ආරක්ෂකයින්ගේ කවයේ විශේෂ නියෝජිත මේරි ලෝලර් ඇතුළු එක්සත් ජාතීන්ගේ නියෝජිතයින් හත් දෙනෙකු විසින් නිකුත් කරන ලද නිවේදනයක මේ පිළිබද දක්වා ඇත.

එම නිවේදනයේ නීතිඥ හිජාස් හිස්බුල්ලා රඳවා තබා ගැනීම පිළිබදවද කණගාටුව පල කර ඇත.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ඔස්සේ අර්ධ වශයෙන් ප්‍රතිපාදන සැලසීම නිසා හිස්බුල්ලාට වසරකට ආසන්න කාලයක් නීතිඥයින් සමග සම්බන්ධ වීම දැඩි ලෙස සිමා වීම පිලිබදවත් වීශේෂ නියෝජිතයන්ගේ අවධානය යොමුව තිබෙනවා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles