Friday, January 17, 2025

ජීවන බර උසුලා ගන්න බැරිව ජනතාව කැරළි ගැසීමට සැරසෙනවා – මෛත්‍රී තැබූ Facebook සටහන

රට තුල පවතින අර්බුදයට විසදුම් ලබා ගැනීම සඳහා විධිමත් වැඩපිලිවලක් සකස් කරන පක්ෂ විපක්ෂ ඕනෑම පාර්ශවයකට සහය ලබා දීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සූදානම් බව එහි සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.

“මහ ජනතාවට පාරට බැසීම හැර වෙන කරන්න දෙයක් නෑ.  ඔළුවේ ප්‍රශ්න ගොඩාක් තියගෙන කරන්න දෙයක් නැති නිසා ඉන්නවා. අද මේ රට ආහාර ඇතුලු අර්බුද රැසකට මුහුණ දෙනවා. පසුගිය වසර දෙකේදි රජය තීන්දු තීරණ ගද්දී අපි සම්බන්ධ කර ගත්තේ නෑ ” යැයි හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පවසයි.

‍”තෙල් මිල වැඩිවීමත් සමග මහ ජනතාව දේශපාලකයන් ප්‍රතික්ෂේප කර ජනතා උද්ඝෝණවලට පෙළඹෙනවා. මේ ආණ්ඩුව පක්ෂ 13කින් හදද්දී මමත් සභාපතිවරයෙක් විදියට පත් කරගත්තත් ඉන්පසුව කිසිම දෙයකට  මා සම්බන්ධ කර ගත්තේ නෑ”. යනුවෙන් හෙතෙම වැඩිදුරටත් අදහස් දැක්වීය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ බදුලු දිස්ත්‍රික් සමුලුව අමතමින් හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ සන්ධානගත වීමට නියමිත පක්ෂ 11 සමග ඉදිරියේදී තවත් පක්ෂ රැසක් එක්විය හැකි බවයි.

බදුල්ල පුස්තකාල ශ්‍රවනාගාරයේදි පැවැති මෙම උත්සවය කම්කරු ඇමති නිමල් සිරිපාලද සිල්වා සහ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි චාමර සම්පත් දසනායක මහත්වරු සංවිධානය කර තිබේ.

එමෙන්ම ජාතික ආණ්ඩුවක් නිර්මාණය කිරීමේ කිසිදු අදහසක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට නොමැති බව පක්ෂ මහ ලේකම් දයාසිරි ජයසේකර සඳහන් කළා.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය නිල ෆේස්බුක් ගිණුමේ මීට පැය කිහිපයකට පෙර තැබූ සටහනක් සම්බන්ධයෙන් මේ වනවිට බොහෝ දෙනෙකුගේ අවදානය යොමුව තිබෙනවා.

ඉන්ධන මිල ඉහළ දැමීමත් සමග රට තව තවත් ඛේදවාචකයන්ට ලක්වී තිබෙනව බව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කර සිටිනවා.

හිටපු ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියේ තෙල් මිල වැඩිවීමත් සමඟ රට තව තවත් ඛේදවාචකයන්ට ලක් වී තිබෙන බවත් ජීවන බර උසුලා ගන්න බැරිව ජනතාව කැරළි ගැසීමට සැරසෙන බවයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles