Saturday, October 19, 2024

ජී.එස්.පී ප්ලස් සහනය බ්‍රසල්ස් නුවරදී ගැසට් කෙරේ

පසුගිය මහින්ද රාජපක්ෂ යුගයේ රටට අහිමි වූ ජී.එස්.පී ප්ලස් සහනය ලබන 15 වැනි දින සිට යලි අප රටට හිමි වෙන අතර එම බදු සහනය අපේ රටට පිරි නැමීම බ්‍රසල්ස් නුවරදී ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කෙරෙන බව විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා සදහන් කරයි.

ඒ මහතා මේ බව පැවසුවේ (ඊයේ)07 මැයි දිනයට සහභාගිවූ පාක්ෂිකයින්ට ස්තුතිය පිරිනැමී‍මේ මාතර පැවැති රැස්වීමකට සහභාගි වෙමිනි.

එහිදි අදහස් දැක්වූ අමාත්‍යවරයා.

පසුගිය මහින්ද රාජපක්ෂ රජයේ අපට නැති වූ මත්ස්‍ය තහනම ඉවත්කර ගැනීමට හැකි වුණා.අද අපේ රටේ ධිවරයින්ට විදෙස් වෙළදපොල පවා විවෘත වී තිබෙනවා.

එටට අහිමී වූ ජී.එස්.පී ප්ලස් සහනයත් අපට ලැබෙනවා.

වසර 20ක් විපක්ෂයේ සිටි අපේ පාක්ෂිකයන් කෝ මොනවත් මේ ආණ්ඩුව කළේ නැහැ කියා චෝදනා නගනවා.ඔවුන් කලකිරීමෙන් ඉන්න බව දන්නවා.

මේ වන විට රටට නැතිවූ දේවල් ලබා ගනිමින් ඉන්නේ.මහින්ද රාජපක්ෂ ආණ්ඩුව අපිට කඳු තුනක් ඉතිරි කරලයි ගියේ.

ඒ මිනී කඳු,ණය කඳු,හා කුණු කඳුයි.මේ කඳු පිරිසුදු කරමින් රජය කටයුතු කරනවා. අපේ පාක්ෂිකයන්ට රැකියා ප්‍රශ්න තිබෙනවා.ස්ථාන මාරු ප්‍රශ්න තිබෙනවා.

මේවා ඉක්මනින් විසදමින් සාධාරනය ඉටුකරන්න බලපොරෝතු වෙනවා.පසුගිය මැයි දිනයට වැඩිම සෙනගක් එකතුවුණේ මාතර ආසනයෙන්.

මෙවර මැයි දින පෙළපාලියට නාවේ සැත්කමකට භාජනයවී සිටි නිසයි.අපේ රටේ හිටපු හැම අවස්ථාවකට මැයි දිනයට සහභාගි වුණා මෙවරත් පෙළපාලියට සහභාගි නොවුණාට රැස්වීමට සහභාගි වුණා.

මාතර ජනතාවට විශාල වශයෙන් ‍කැම්බල් පිටියට එනවා මා දැක්කා.අද ගෝල් ෆේස් පිට්ටනියට සෙනග ගෙනත් පිට්ටනි පුරවල,ඡන්ද දිනන්න බැහැ අපිටත් සෙනග විශාල ලෙස ගෙනල්ල පිට්ටනි පුරවල තුන් ගුණයක් පෙන්වන්න තිබුණා.

ඒ වගේම ගැටඹේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් පැවති මැයි රැලියෙත් විශාල සෙනගක් හිටියා.ජාතික ආණ්ඩුව නියෝජනය කරන අපේ පක්ෂ දෙක එකතුවුණා නම් ගොල්ෆේස් වගේ පස් ගුණයක් සෙනග පුරවන්න තිබුණා.

ඒත් සෙනග ප්‍රදර්ශනය කරන්න තරම් පහල මානසිකත්වය අපට නැහැ.

අපිට මැයි දිනයට වඩා වැදගත් වනනේ ඡන්ද දිනයයි. අපේ බලය පෙන්වන‍්නේ එදාටයි.අපි ලබන අවුරුද්දේත් ගොල්ෆේස් එකෙ පවත්වන්න මගේ මිත්‍ර මහින්ද රාජපක්ෂ මහත්තයාට ඉඩ දෙන්නම් ලබන අවුරුද්දේ නෙවේ 2025 වෙනකම් සෙනග පුරවා ඉන්න ගොල්ෆේස් එක දෙනවා.

මහින්ද රාජපක්ෂ ආණ්ඩුවෙන් ගෝල් ෆේස් එක නොවෙයි හයිඩ් පිටියවත් දුන්නේ නැහැ.

මගේ අමාත්‍යාංශය යටතේ හිටපු ජනාධිපතිවරයාට විදේශ රටවලට පවා යන්න කිසිදු බාධාවකින් තොරව ඉඩදී තිබෙනවා.

ඒ වගේම අද කුමන්ත්‍රණකාරීන් පිරිසක් සයිටම් ප්‍රශ්නය ආද ගෙන යනවා.

දොස්තරවරුන් වර්ජනය කරලා මේ ආණ්ඩුව පෙරලන්න බැහැ. අපි ඒකට ඉඩ දෙන්නේ නැහැ.

සයිටම් එකට පක්ෂව හෝ විපක්ෂව අදහස් දක්වන්න මා කැමැති නැහැ. ඒත් එක දෙයක් කියන්න ඹ්න.රජයේ වෛද්‍ය විද්‍යාල විතරක් නෙවෙයි පෞද්ගලික වෛද්‍ය විද්‍යාලත් අපේ රටට අවශ්‍යයි.

අපේ රටේ විශ්ව විද්‍යාලවලට සුදුසුකම් ලබා ගන්නේ විසිපන්දහසක් පමණයි. තවත් ඇති හැකි අය විශ්ව විද්‍යාලවලට ඇතුල් වෙනවා.තවත් පිරිසක් කාර්මික විද්‍යාලවලට ඇතුල් වෙනවා.

මෙම අවස්ථාවට මාතර නගර සභාවේ හිටපු පුරපති උපුල් නිශාන්ත ,හිටපු නාගරික මන්ත්‍රීවරුන් වන නලීන් රණසිංහ,නලීන් අබේගුණවර්ධණ,,නුස්කි ඉක්බාල්,නන්දසේන සෙල්ලහේවා, මාතර ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ලයනල් කොඩිකාර,මංගල සමරවීර මහතාගේ කාර්ය මණ්ඩල ප්‍රධානි උපුල්සිරි ගංහලආරච්චි යන් මහත්වරුන් ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles