Monday, January 13, 2025

ජුබිලි කණුවෙි කිරිපිටි ක⁣ඩෙි මොකද වු⁣ණේ ?

මිරිහාන පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් හිටි හැටියේ ඊයේ (29) සවස නුගේගොඩ ජුබිලි කණුවේ පිහිටි ‘කිරි පිටි කඩේ’ට  කඩා පැන, එම වෙළඳ සැලට ‘සීල් තබා’ ඇතැයි ඇතැම් සමාජ මාධ්‍ය වාර්තා කර ඇති අතර එය දේශපාලන ක්ෂේත්‍රයේ බැරෑරුම් ලෙස කතාබහට ලක්වෙමින් තිබේ.

එම මාර්ගයේ ජනාධිපතිවරයා නිතරම ගමන් කරන නිසා මාර්ගය අවහිර වන බැවින් මේ ආකාරයට වෙළදාම කරන්නැයි පොලීසිය උපදෙස් දුන් බව එහි පෝලිමේ සිටි අය කියා සිටිති.

අධිකරණ නියෝගයකින් තොරව පොලිසියට එසේ වෙළඳ සැලට කඩා පැන සීල් තැබීමේ නිත්‍යානුකුල බලයක් නොමැති නමුත්, වාර්තාවන ආකාරයට එවැනි පියවරක් ගෙන ඇත්තේ ඉහලින් ආ නියෝගයක් මත යයි පැවසේ.

ජුබිලි කණුවේ අදාළ කිරි පිටි වෙළඳ සැල අසල ඒ ප්‍රදේශයේ පමණක් නොව ඈත ප්‍රදේශ වල සිටද කිරිපිටි සොයා එන ජනතාවගේ දිගු පෝලිම් නිතර දක්නට ලැබේ.

නුගේගොඩ මිරිහානේ පිහිටි දේශීය කිරිපිටි අලෙවිසැල වෙළඳාම සීමා සහිතව සිදු කරන්නැයි පොලීසිය විසින් උපදෙස් ලබාදී ඇත.

පවතින කිරිපිටි හිගය හේතුවෙන් කිරිපිටි වෙලදසැල් ඉදිරියේ දිගු පෝලිම් ඇති වී තිබේ

පසුව පොලිසියෙන් පැමිණ කඩය වසා දැමීමට නියෝග කර ඇත.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles