Thursday, January 16, 2025

ජූනි වෙනකං බස් ගාස්තු වැඩිවීමක් නෑ.බස් ගාස්තු නියමිත ගණනට වඩා වැඩියෙන් ගත්තොත් 1955 ට පැමිණිලි කරන්න

නියමිත ගාස්තු වලට අමතර ගාස්තු අය කරන බස් රථ වල මාර්ග බලපත්‍ර අහොසි කිරීමට පියවර ගන්නා බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව පවසනවා.

නියම කර ඇති බස් ගාස්තු වලට වඩා වැඩියෙන් අය කරන බස්රථ සම්බන්ධයෙන් පැමිණිලි 1955 කෙටි අංකය වෙත දැනුම් දෙන ලෙසත් ජාතික ගමනා ගමන කොමිෂන් සභාවේ සභාපතිවරයා ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

ඉන්ධන මිල වැඩිකිරීම හේතුවෙන් ඊයේ (05) සිට බස් ගාස්තු වැඩිකිරීමට පියවර ගනු ලැබීය.

මෙම ගාස්තු වැඩිවීම සම්බන්ධයෙන් මාධ්‍ය මගින් ප්‍රචාරය කර ඇති බවත් එයට වඩා වැඩි මුදල් අය කරන බස්රථ සම්බන්ධයෙන් දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බවත් ජාතික ගමනා ගමන කොමිෂන් සභාවේ සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කරනවා.

මෙි අතර එළඹෙන ජුනි මස පළමු වැනිදා දක්වා කිසිම හේතුවක් සඳහා නැවත බස් ගාස්තු වැඩි කිරීමක් සිදු නොකරන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසනවා.

මේ සම්බන්ධයෙන් පෞද්ගලික බස් රථ හිමියන් සමඟ එකඟතාවයකට පැමිණි බවත් දිලුම් අමුණුගම මහතා පවසනවා.
මෙහිදී තවදුරටත් අදහස් පළ කළ රාජ්‍ය අමාත්‍යවරයා,

“ඉදිරියේදී ඉන්ධන, බස් රථ අමතර කොටස් හෝ වෙනත් අදාළ කිසිදු හෝ දෙයක් කුමන ආකාරයෙන් මිල ඉහළ ගියද ලබන ජුනි මස පළමු වැනිදා දක්වා කිසිදු ආකාරයෙන් හෝ බස් ගාස්තු වැඩි කිරීමක් සිදු නොකරන බවට පෞද්ගලික බස් රථ හිමියන් අප සමග එකඟතාවයකට එළඹිලා තිබෙනවා.” යනුවෙන් රාජ්‍ය ඇමතිවරයා පැවසීය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles