Saturday, January 11, 2025

ජූලි 01 සිට ඩීසල් ලීටරයකට රු. 6/- ක බද්දක්..

ඊයේකොළඹ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අදහස්‌ දැක්‌වූ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන ඇමැති චන්දිම වීරක්‌කොඩි මහතා කියා සිටියේ, ලංකා ඛනිජ තෙල් සංස්‌ථාව (Ceypetco) සහ ඉන්දියන් තෙල් සමාගම (IOC) අලෙවි කරනු ලබන සෑම ඩීසල් ලීටරයකටම රජය රුපියල් හයක බද්දක්‌ ජුලි 01 වැනිදා සිට පනවා ඇති බවයි.

කෙසේ නමුත්, මෙම බද්ද නිසා පෙට්‍රල් හෝ ඩීසල් මිල කිසිසේත්ම ඉහළ නොදමන බවත් ඔහු සඳහන් කර ඇත. අමාත්‍යවරයා පෙන්වා දුන්නේ, මේ වනවිට ඩීසල් ලීටරයකින් සංස්‌ථාවට රුපියල් දාහතක ලාභයක්‌ තිබෙන බවත් ඉන් රුපියල් හයක්‌ බදු වශයෙන් රජයට ගෙවීම ප්‍රශ්නයක්‌ නොවන බවත්ය.

මේ බද්ද නිසා, ඔක්‌ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයකින් රුපියල් හයයි ශත හැත්තෑහයක පාඩුවක්‌ ද ඔක්‌ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයකින් රුපියල් දෙකයි ශත අනූපහක පාඩුවක්‌ සංස්‌ථාවට සිදුවන බව ඔහු පවසා සිටියා. එම සංස්තාව, පසුගිය මාස හතර තුළ රුපියල් බිලියන 365 ක ලාභයක්‌ ලැබූ බවත් ඇමතිවරයා පවසා සිටියා.

වැඩි දුරටත් අදහස් දක්වමින් ඇමතිවරයා පවසා සිටියේ, සමෘද්ධි දීමනා ඉහළ දැමීම, රාජ්‍ය සේවක වැටුප රුපියල් දසදහසකින් ඉහළ දැමීම, ඉන්ධන මිල ගණන් පහළ දැමීම ආදී හේතු නිසා රට තුළ මතුවී ඇති ආර්ථික අර්බුදය හමුවේ ඩීසල් ලීටරයකින් රුපියල් හයක්‌ බදු වශයෙන් රජය අයකර ගැනීම ප්‍රශ්නයක්‌ නොවන බවයි. මෙය ජනතාවට සහන සැලසීමට ගත් ක්‍රියාමාර්ගයක් බවත් ඔහු සඳහන් කර සිටියා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles