ඉන්දීය යුද්ධ හමුදාපති ජෙනරාල් මනෝජ් මුකුන්ද් නරවාන් අද දිවයිනට පැමිණෙනවා.
ඒ, දින 05 ක නිල සංචාරයක් සඳහායි.
එහිදී ඔහු ගජබා රෙජිමේන්තුවේ, රෙජිමේන්තු දිනය නිමිත්තෙන් පැවැත්වෙන උත්සවයට ද සහභාගී වීමට නියමිත බවයි යුද්ධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවසුවේ.