ජොන්ස්ටන්ගේ තවත් මිළියන 200ක මහා මුදල් වංචාවක් හෙළිවෙයි

0
405

011 වසරේදී ඉසුරු සවිය නමින් කුරුණෑගල ප්‍රදේශයේදී සැණකෙළියක් පවත්වා ජාතික සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව සතු රුපියල් මිලියන 200ක මුදලක් අවභාවිත කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් බැංකු ගිණුම් පරීක්ෂා කිරීමට කොටුව මහෙස්ත්‍රාත් අතිරේක දිසා විනිසුරු ලංකා ජයරත්න මෙනෙවිය විසින් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට අවසර ලබා දී තිබේ.

ඒ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයෙන් ඒ සම්බන්ධයෙන් කරන ලද ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුවට ය.

මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ පැමිණිල්ලට අනුව රාජපක්ෂ පලාන සමයේ සමුපකාර සහ අභ්‍යන්තර වෙළෙඳ කටයුතු අමාත්‍යවරයාව සිටි ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ උපදෙස් මත ඉසුරු සවිය නමැති සැණකෙළිය පවත්වා ඇත.

එම සැණකෙළියට වියදම් කළ ජාතික සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව සතු මුදල් ප්‍රසම්පාදන ක්‍රියාවලියෙන් තොරව විගණකාධිපතිවරයාගේ වැය ශීර්ෂයට හසු නොවන පරිදි සඟවා වියදම් කර ඇති බවද පැමිණිල්ලේ සඳහන් කර තිබේ.

සමුපකාර සංවර්ධන කොමසාරිස්වරයා පොලිස්පතිවරයාට කරන ලද ලිඛිත පැමිණිල්ලකට අනුව මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් මෙම පැමිණිල්ල ගොනු කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here