අභ්‍යන්තර වෙළෙඳ හා පාරිභෝගික කටයුතු අමාත්‍යවරයා ලෙස ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා කටයුතු කළ ඉකුත් රජය සමයේ කොළඹ වොක්ෂෝල් වීදියේ පිහිටි ස.තො.ස. මූලස්ථාන ගොඩනැගිල්ලේ 07 වෙනි මහලේ තිබු අමාත්‍යාංශයේ මාධ්‍ය කාර්යාලයේ හදිසියේ ඇති වූ ගින්න සම්බන්ධයෙන් යළිත් මුල සිටම පරීක්ෂණයක් පවත්වන ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (28) නීතිය, සාමය හා දක්ෂිණ සංවර්ධන අමාත්‍යාංශයට දැනුම් දී ඇත.
ස.තො.ස. මූලස්ථාන ගොඩනැගිල්ලේ 07 වන මහලේ පිහිටි අමාත්‍යාංශ කාර්යාලයේ තුළ 2013 වර්ෂයේ ජූලි මස ඇතිවූ හදිසි ගින්න පිළිබඳ කෙරුණු පරීක්ෂණ එවක රජයේ ප්‍රබල අයෙකුගේ මැදිහත්වීමෙන් වැළකුණු බවට ලද පැමිණිලි පදනම් කරගෙන අගමැති රනිල් වික්‍රමසිංහ මහතා නියෝග කර ඇත.
ඉකුත් රජය සමයේ අමාත්‍යංශ මාධ්‍ය ඒකකයේ ඇති වූ ගින්නෙන් එහි වැදගත් ලිපි ලේඛන රැසක් විනාශ වී ඇති අතර ඊට අදාළව කොම්පඤ්ඤවීදිය පොලීසිය පරීක්ෂණ ආරම්භ කළද සිද්ධියට අදාළ වගකිවයුත්තන් අනාවරණය නොවුණු බවටද අගමැතිවරයා වෙත කරුණු අනාවරණය වී ඇත.
කරුණු සැලකිල්ලට ගත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා රාජ්‍ය ආයතනයක ඇති වූ මේ ගින්න පිළිබඳව මුල සිටම පරීක්ෂණ පවත්වා අවශ්‍ය පියවර ගන්නා ලෙසට නීතිය, සාමය හා දක්ෂිණ සංවර්ධන අමාත්‍යාංශයට උපදෙස් දී තිබේ.