Monday, December 23, 2024

ජොන්ස්ටන් විපක්ෂයට අභියෝගයක් දෙයි

ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු විපක්ෂයට අභියෝගයක් සිදු කර තිබෙනවා.

ඒ වත්මන් ආර්ථික අර්බුද හමුවේ රට ගොඩ නගන පැහැදිලි වැඩපිළිවෙළක් ඇති නම් පැය විසි හතරක් ඇතුළත ජනතාවට පවසන්න යනුවෙන්.

සමස්ත ලෝකය ම කොවිඩ් අර්බුධයට මුහුණ දී ඇති මොහොතක ශ්‍රී ලංකාව වසංගත තත්ත්වය හමුවේ ආර්ථිකය මනාව කළමනාකරණය කරමින් සිටින බවයි ජොන්ස්ටන් ප්‍රනාන්දු පවසන්නේ.

ඇමරිකාව, එංගලන්තය, ප්‍රංශය ආදී බලවත් රටවල්වල ද උද්දමනය ඉහළ ගොස් ඇති බවත් එය ලංකාවට ද පොදු කාරණයක් බවත් ඔහු පවසනවා.

සියලු රජ්‍යයන් අභ්‍යන්තර වශයෙන් වසංගත තත්ත්වය මත ගැටලුවලට මුහුණ දී තිබීම නිසා, ණය ලබාගැනීමට ද අපහසු බව යි ජොන්ස්ටන් ප්‍රනාන්දු වැඩිදුරටත් අවධාරණය කරන්නේ.

නිෂ්පාදන ආර්ථිකයක් තුළින් යැපුම් ක්‍රමය සීමා කළ හැකි බව පවසන ඇමතිවරයා, මාර්ග ඇතුළු යටිතල පහසුකම් සංවර්ධනය අත්‍යවශ්‍ය බව ප්‍රකාශ කරනවා.

මාර්ග සංවර්ධනය ඉදිරි ආයෝජන ලෙසිනුයි අමාත්‍යවරයා හඳුන්වන්නේ.

මන්ත්‍රී විශ්‍රාම වැටුම් ගැනීමේ කලය වසර දහයක් දක්වා දීර්ඝ කිරීම, මන්ත්‍රීවරුන්ගේ ඉන්ධන කප්පාදුව, දුරකතන බිල්පත් 25% දක්වා අඩු කිරීම ආදී අයවැයෙ සාධනීය තත්ත්වයන් පිළිබඳ අමාත්‍යවරයා සඳහන් කළේ, නිෂ්පාදන ආර්ථිකයේ වැදගත්කම තවදුරටත් අවධාරණය කරමින්.

“විපක්ෂය කරන්නේ කයිවාරු ගහන එකයි, විවේචනය කරන එකයි විතරයි” යනුවෙන් ප්‍රකාශ කරන ඇමතිවරයා, වැටුණු ආර්ථිකය ගොඩ ගැනීමට ඇති පැහැදිලි වැඩපිළිවෙළක් ඇති නම් පැය විසි හතරක් ඇතුළත ජනතාවට ඉදිරිපත් කරන ලෙසට විපක්ෂයට අභියෝගයක් ද ඉදිරිපත් කරනවා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles