Monday, November 11, 2024

ජෝන් දැන් ඇති කියයි

තරුණ පරම්පරාවට අවස්ථාව ලබා දෙමින් තමන් එක්සත් ජාතික පක්ෂයේ වත්තල ආසන සංවිධායක ධූරයෙන් ඉල්ලා අසවීමට තීරණය කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝන් අමරතුංග මහතා මාධ්‍ය වෙත පැවැසීය.

මේ සම්බන්ධයෙන් ඉදිරියේදී පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා දැනුවත් කිරීමට කටයුතු කරන බවද ඔහු සඳහන් කළේය.

තමන් වසර 41 ක කාලයක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කර ඇති බව පැවසූ අමරතුංග මහතා දේශපාලනය සම්බන්ධයෙන් යම් යම් තීන්දු තීරණ ගැනිමට කාලය එළැඹ ඇතැයිද සඳහන් කළේය.

තමන් වත්තල ආසන සංවිධායක ධූරයෙන් ඉවත් වන බවට ප්‍රකාශ කළ විට පාක්ෂිකයන්ගෙන් එයට දැඩි විරෝධයක් එල්ල වූ බවත් ඒ මහතා වැඩිදුරටත් පැවැසීය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles